ළිඳට පැන්න කිව්ව මවගේ මරණය ඝාතනයක්, බාල පත්‍රයා අල්ලයි

ළිඳට පැන්න කිව්ව මවගේ මරණය ඝාතනයක්, බාල පත්‍රයා අල්ලයි

Published on June 29, 2025, 05:19 PM

ගල්නෑව , හෙලබදුගම ප්‍රදේශයේදී මීට මාසයකට පෙර ළිඳකට වැටී ජීවිතක්ෂයට පත් වූ බව කියූ , දෙදරු මවගේ මරණය සම්බන්ධයෙන් සිදු කල දීර්ඝ විමර්ශනයකින් අනතුරුව , එම මව ළිඳට තල්ලු කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට, ඇගේ බාල පුත්‍රයා ඊයේ (29දා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්නෑව ෙපොලිස් වසමේ හෙළබදුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 46 වැරදි පුද්ගලයෙකි.

ඉකුත් 5වන ගල්නෑව  හෙළබදුගම ප්‍රදේශයේදී ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව සිටි එම දෙදරු, මවගේ මරණය සොයා ගත් බවත් ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය වාර්තාව මගින්, මෙය දියේ ගිලී සිදුවූ මරණයක් බවට වාර්තා ලැබුණු බවත් , මරණකාරියගේ හිසේ පටක වලට හානි සිදුව ඇති බවට වාර්තා වීම හේතුවෙන් ඒ ඔස්සේ මෙම මරණය  ඝාතනයක්ද යන්න  අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කළ බව ගල්නෑව පොලිසිය කියයි.‍ෙ

තම මව අවිස්සාවේල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසට ගෙන්වාගෙන සබඳතාවයක් පවත්වාගෙන ගිය බවත්, මීට මාස කීපයකට පෙර ඔහු නිවසින් පිටව යාම හේතුවෙන් මව සිත් තැවුලට පත්ව ළිඳට පැන සියදිවි නසා ගන්නට ඇති බව මරණකාරියගේ දේහය හමුවූ අවස්ථාවේදී මීට මාසයකට පෙර සැකකාර බාල පුත්‍රයා සිදු කළ ප්‍රකාශ වල සටහන්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙම මරණය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ලැබුණු සුවිශේෂී තොරතුරකට අනුව සැකකාර පුත්‍රයාගේ පෙර හැසිරීම්  සහ මරණයෙන් පසුව ඔහුගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු කැකිරාව  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post