මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් ඉදිරි වසර පහකදී අවසන්

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් ඉදිරි වසර පහකදී අවසන්

Published on June 29, 2025, 08:37 PM

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්  ඉදිරි වසර පහ තුල අවසන් කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කීය.

මහනුවරදි පැවැති මාධ්‍ය හමුවකදී  මධ්‍යම අධිවේගි මාර්ගය සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා  මෙසේද කීය.

2015 අගෝස්තු මස හතරවනදා ගිවිසුම් අත්සන්කර ආරම්භ කරන ලද මධ්‍යම අධිවේගී මාර්ගය වසර 10 ක් ගතවී ඇතත් තවමත් අවසන් කර ගැනිමට නොහැකි වී තිබෙනවා.මෙම මාර්ගය කොටස් කිහිපයකින් යුක්තයි. මේකේ පළමු අදියර කඩවත ඉඳලා මීරිගම දක්වා එනවා. ඒකේ ඉදිරිකිරීම් ප්‍රමාණයක් පසුගිය කාලයේ කඩා වැටුණා

. ඒ මුදල රුපියල් බිලියන හතයි දශම ගානක් .  ඒක රජයේ සල්ලිවලින් ඉදිකිරීම් පටන් ගෙන තියෙනවා. ඊට අමතරව අන්තර් හුවමාරුවට සම්බන්ධ වන මීටර් 500 ක කොටස  මේ දවස්වල ටෙන්ඩර් කැඳවලා තියෙනවා .මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නොබෝ දිනකින් ඉදිකිරීම් ආරම්භ කරන්න පුළුවන්.

ඒ අනුව මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් පටන් ගන්නවා. මැදකොටස අවසන් කරල දැනට භාවිතාවට ගන්නවා. ඒ කියන්නේ මීරිගම කුරුණෑගල කොටස . පොතුහැර රඹුක්කන  කොටසේ ඉදිකිරීම් ලබන අවුරුද්දේ අවසන් කරන්න පුළුවන්. ගලගෙදරට ඉදි වන කොටස සඳහා ඉඩම් අත්පත් කර ගැනීම් අවනස් කරල තියෙනවා. තව මාස හයක් හතක් ඇතුලත ටෙන්ඩර් කැඳවලා ඉදිකිරීම් ආරම්භ කරන්න පුළුවන් වෙයි.

මේ ආකාරයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් වසර පහක් ඇතුලත අවසන් කරන්න පුළුවන් වන බව  ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙහිදී කීය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post