අවුරුදු 5ක දැරියකට ලිංගික අපයෝජනයක් කළ 51 හැවැරදි පුද්ගලයෙක් අල්ලයි

අවුරුදු 5ක දැරියකට ලිංගික අපයෝජනයක් කළ 51 හැවැරදි පුද්ගලයෙක් අල්ලයි

Published on June 30, 2025, 08:19 AM

කුරුවිට පොලිස් වසමට අයත් දෙවිපහළ ප්‍රදේශයේ පනස් එක් හැවිරිදි විවාහකයෙක් අවරුදු පහක දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලිසිය 30දා පැවසීය.

සැකකරුට ස්ථිර රැකියාවක් නැති බවත් කුලෙී වැඩ කරමින් ආදායමක් ලබන බවත් පොලීසිය කීවේය. ඔහු වින්දිත දැරියගේ අසල්වැසි නිවසක පදිංචිව සිටින තැනැත්තෙකි.

දැරියගේ නිවසේ තනිව සිටියදි මෙම ලිංගික අපයෝජනය සිදු ඇති බව දැරියගේ පියා විසින් පොලීසියට පැමිණිලි කර ඇත. කුරුවිට පොලීසියේ කාන්තා කාර්යංශය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අපයෝජනයට ලක්වු දැරිය මේවනවිට රත්නපුර ශීක්ෂණ මහරෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය සදහන් කලේය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post