මහකනදරාව වැව් බැම්ම අනතුරක

මහකනදරාව වැව් බැම්ම අනතුරක

Published on June 29, 2025, 06:13 PM

කුඹුරු අක්කර හත්දහසකට පමණ ජලය සැපයෙන මිහින්තලේ මහ කනදරා වැව මැදින් දිවෙන පුත්තලම ත්‍රිකුණාමලය ඒ 12 මාර්ගයේ  කනදරා වැව අසලින්, එම වැව් බැම්මේ රෑස්ස ගස් සහ වැව් බැම්ම ගිලා බැසීමට ලක්ව,  පස් කන්ඩි  වැව තුලට කඩා වැටීම ආරම්භ වී ඇති බව  ප්‍රදේශවාසීහු පවසති.

උතුරු ජල ව්‍යාපෘතිය සඳහා මොරගහ කන්ද ජලාශයෙන් ජලය ගෙනැවිත් මහකනදරා වැවට දමා මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමට තිබුණත්, අහස් දියෙන් වැවට එකතු වන ජලයෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සිදුවීම  හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උදාවී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මහ කනදරාව  වැවට අවශ්‍ය ජලය අහස්දියෙන් එකතු කර ගැනීම සඳහා පෙර පැවති, පිට වාණට වඩා අඟල් 8කින් වැවේ වාන ඉහලින් සකස්  හේතුවෙන්  වැවේ ගබඩාවන   ජලධාරිතාවය වැඩි වීම හේතුවෙන්  ප්‍රධාන වැව් බැම්මට මෙලෙස හානි වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ.

ප්‍රධාන වැව් බැම්ම දෙපස රළපනාවක් නොමැති වීම මෙන්ම, වැවේ ජල මට්ටමද වාන ඉස්සීම හේතුවෙන් වැඩි වීම නිසා පවතින දැඩි සුළං තත්ත්වය  හමුවේ එම ඉවුරු ඛාදනය වී වෑකන්දෙ පස් කන්ඩි, සහ විශාල ප්‍රමාණයේ ගස් වැව තුළට  කඩා වැටෙමින්  වැව් බැම්මට දැඩි ආලාභානි සිදුවෙමින් පවතින බව ඒ අවට ප්‍රදේශවාසීහු මෙහිදී පෙන්වා දුන්හ.

ප්‍රධාන මාර්ගයක් වන මෙම මහ කනදරාව මාර්ගය යම්කිසි හේතුවක් නිසා ඛාදනය වැඩි වී වෑකන්ද කැඩී යාමක් සිදු වුවහොත්  ත්‍රිකුණාමලයේ සිට අනුරාධපුරයට පුත්තලමට යාමට නොහැකි වීම හේතුවෙන්  රටේ ආර්ථිකයටද බලපෑමක් එල්ල විය හැකි බවද එම පිරිස් පෙන්වා දුන්හ.

ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක්ම මෙලෙස දෙන ඛාදනයට  ලක්වී තිබෙන නිසා මාර්ගයේ ගමන් ගන්නා මගී බස් රථ හා අනෙකුත් වාහන අනතුරට ලක් වී මහා විනාශයක් සිදු වීමට පෙර ඊට අදාල පියවර ගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටිති.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post