රු. කෝටි හයක දුරකතන හා පරිගණක කටුනායකින් පන්නන්න බැරිවෙයි

රු. කෝටි හයක දුරකතන හා පරිගණක කටුනායකින් පන්නන්න බැරිවෙයි

Published on June 30, 2025, 10:27 AM

රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු ජංගම දුරකථන ටැබ් පරිගණක සහ පරිගණක 238 ක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති "හරිත මාවත" ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 06/30 දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු 22 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. ඔහු 06/30 දින අලුයම 05.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ මෙම නවීනතම විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය සගවා ගෙන තිබූ බව රේගු නිලධාරීන් පැවසූහ.

මෙම ගුවන් මගියා අත්අඩංගුවේ තබා ගෙන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post