තවත් ටෙස්ට් තරග ලබා දෙන්නැයි නායක ධනංජයගෙන් ක්‍රිකට් ආයතනයට ඉල්ලීමක්

තවත් ටෙස්ට් තරග ලබා දෙන්නැයි නායක ධනංජයගෙන් ක්‍රිකට් ආයතනයට ඉල්ලීමක්

Published on June 29, 2025, 12:31 PM

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට තවත් වසරක කාලයක් යනතෙක් ජාත්‍යන්තර ටෙස්ට් තරග නොමැති පසුබිමක තවත් තරග කිහිපයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පැවසීය.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ සාකච්ඡා කිරීම් සිදු කරමින් තිබෙන බව මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.

“අවාසනාවකට අපිට ජාත්‍යන්තර ටෙස්ට් තරග නෑ. අපි ඉල්ලීමක් කළා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට. ඔවුන් සාකච්ඡා කරණ ටීම්ස් එක්ක තව තරග කිහිපයක් ලබා ගන්න. තව තරග 3-4ක් ගහ ගත්තොත් අපිට මේක පවත්වාගෙන යන්න පුළුවන්. ”

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post