ලක්ෂ්මන් යාපාට අධි චෝදනා

ලක්ෂ්මන් යාපාට අධි චෝදනා

Published on June 30, 2025, 05:59 PM

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 17 කට අධික පාඩුවක් කළ බවට හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සහ ආයෝජන ප්‍රවර්ධන මණඩලයේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එරෙහිව අල්ලක් කොමිසම පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට අද (30) නියම කළේය.

වසර 11කට පෙර කළ මෙම වරද සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 05ක් යටතේ පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර බාරදීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ 10 බැගින් වටිනා ශබ්ර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමටද තීරණය කළේය.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට අමතරව මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ ආයෝජන ප්‍රවර්ධන මණඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ ජයන්ත එදිරිසිංහ මහතාය.

2014 ඔක්තෝම්බර් පළමුවැනිදාත් දෙසැම්බර් 12 වැනිදාත් අතර කාලය තුළ රාජ්‍ය සේවකයින් වශයෙන් කටයුතු කරමින් රජයට පාඩු වනබව දනිමින්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තියේ හතරවැනි සංවත්සරය සැමරම වෙනුවෙන්  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් සිංහල සහ ඉංග්‍රීසි ජාතික පුවත්පත් දැන්වීම් පළ කිමට කුමන්ත්‍රණය කිරීම ඒ අනුව 2014 නොවැම්බර් 19 වැනිදා පළකළ සිංහල සහ ඉංග්‍රීසි ජාතික පුවත්පත් එකොළහක දැන්වීම් පළ කිරීමෙන් රජයට රුපියල් 17,48,877/-ක පාඩු කිරීම ඇතු`ථ චෝදනා 05ක් යටතේ විත්තිකරුවන්ටට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.

අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ සඳහන් ‘දුෂණය’ නමැති වරද සම්බන්ධයෙන් විත්තිකරුවන් දඬුවම් ලැබිය යුතු වරදක් කළ බව අල්ලස් කොමිසම අධිචෝදනා පත්‍රයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් 15 දෙනෙකු සහ ලේඛන 21ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.

අධිකරණයෙන් නිකුත් කර තිබු සිතාසි අනුව නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදුන්නේය.විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණූ දක්වමින් මෙම අධිකරණයෙන් නිකුත් කළ සිතාසි අනුව අධිකරණයේ පෙනී සිටින තම සේවාදායකයින්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුවන්ට ඇප නියම කළ විනිසුරුවරයා පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුව අගෝස්තු 20 වැනිදා කැඳවීමට නියම කළේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post