රුපියල් 5කින් රුපියල අවප්‍රමාණය වෙලා රු. බිලියන 250ක වැය බරක්

රුපියල් 5කින් රුපියල අවප්‍රමාණය වෙලා රු. බිලියන 250ක වැය බරක්

Published on June 30, 2025, 06:31 PM

මෙම වසරේ ජූනි 13 වැනිදා සිට අද (30දා) දක්වා රු.296 සිට රු.301 දක්වා රු.5කින් රුපියල අවප්‍රමාණය වී ඇති බවත් එය රු.බිලියන 250ක් ලෙස වැය බරට එකතු වී ඇති බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ අද (30දා) පැවති සභාව කල් තැබීමේ විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

"රුපියල සම්බන්ධයෙන් තියෙන තත්ත්වය බලන්න. ඉතාමත් භයානකකාරි තත්ත්වයක් තමයි මෙතන පේන්නේ. ජූනි 13 සිට අද වෙනකන් රු.296 සිට රු.301 අවප්‍රමාණය වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් මොනවද කරන්න තියෙන්නේ? මේක වුණ හැටියේ අපේ ඩෙඩ් ස්ටොක් එක වැඩි වෙනවා. එහෙම වුණාම සෑම රුපියලක්ම අවප්‍රමාණය වෙනවා කියන්නේ බිලියන 50ක් එකතුවෙනවා අපේ වැයට.

මේක රුපියල් 5කින් අඩු වෙනවා කියන්නේ බිලියන 250ක්. බිලියන 250ක් කියන්නේ පාරවල් හදලද? ඩෑම් එකක් හදලද? නෑ අවප්‍රමාණය වීම නිසා. මම මේක කියන්නේ එකට ආර්ථිකයක් හදන්න තිබෙන කැක්කුම නිසා. අපිට පේනවා අපේ රුපියල ශක්තිමත් නෑ. ශක්තිමත් නැති වුණාම මේ ප්‍රශ්නය තියෙන්නේ මහ බැංකුවේ. ඒත් මහ බැංකුවේ වියදම දරන්න වෙන්නේ ඔබතුමන්ලාට."

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post