
Published on June 26, 2025, 03:38 PM
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් ලබා ගැනීමට පැතුම් නිස්සංක මීට සුළු මොහොතකට පෙර සමත් විය.
ඔහුට අගනා සහයක් ලබා දෙමින් අනෙක් අන්තයේ ක්‍රීඩා කරන දිනේෂ් චන්දිමාල් ලකුණු 59 ක් රැක්කර ක්‍රීඩා කරමින් සිටී.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 55ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 203ක් රැස් කරගෙන සිටියේය.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 247ක් රැස් කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 44ක් පිටුපසින් පසුවන්නේය.