
Published on June 26, 2025, 02:41 PM
උමාඔය බහු කාර්ය ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතරමඟදී ඉඳිකිරීම් කටයුතු ඇනහිට තිබූ උමා ඔය පහළ නිම්නය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ වැඩ යළිත් (25) වෙනිදා කුඩා ඔය ප්‍රදේශයේදී ආරම්භ කෙරිනි ප්‍රථමයෙන් වැඩබිම නිරීක්ෂණය කළ ඇමතිවරයා පසුව වැල්ලවාය බුදුරුවගල ප්‍රදේශයට පැමිණ ගොවි හමුවක්ද පවත්වන ලදි.
පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වන උමා ඔය ද්‍රෝණිය වර්ග කිලෝමීටර 750 යුක්තවේ.ඉන් සියයට 65 ඌව පළාතටත් සියයට 35 මධ්‍යම පළාතටත් අයත් වේ.උමා ඔය ජලය උමං මාර්ගයක් ඔස්සේ මොනරාගල දිස්ත්‍රික්කය රැගෙන එන අතර මොනරාගල දිස්ත්‍රික්කයේ දැනට අස්වද්දන සහ ඉදිරියේදී අස්වැදීමට නියමිත කුඹුරු අක්කර දොළොස්දහසකට යල මහ දෙකන්නයේ දියවර සැපයීමට නියමිත අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඹුරු ඉඩම් විශාල ප්‍රමාණයකටද ජලය සැපයීමට නියමිතය.උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කුඩා ඔය ප්‍රදේශයේ විශාල ජලාශයක් ඉඳිකෙරෙන අතර එමඟින් කුඹුරු වලට ජලය නිකුත් කිරීම සිදුකෙරේ.
ඉඳිවෙමින් පවතින ව්‍යාපෘතියේ කටයුතු නිරීක්ෂණය කළ ඇමතිවරයා අතරමඟ නතර වී ඇති සියලු ඉඳිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසත් අවශ්‍ය ප්‍රතිපාදන වාරිමාර්ග දෙපාර්තුමේන්තුව මඟින් ලබාදෙන බවත් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අනතුරුව බුදුරුවගල ප්‍රදේශ ගොවි හමුවකට සහභාගී වූ කෘෂිකර්ම,ඉඩම්,වාරිමාර්ග පශු සම්පත් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා මෙසේ පැවසීය,
"මගේ වයස අවුරුදු 61 යි.මම තවමත් ඉරිදා පත්තර වල මංගල යෝජනා බලනවා.බොහෝ මංගල යෝජනා තියෙන්නේ අපගේ රූමත් දියණිය වෛද්‍යවරයෙකු ඉංජිනේරුවරයෙකු ව්‍යාපාරිකයෙකු සොයාදෙන ලෙසයි.නමුත් රූමත් දියණියට ගොවි මහතෙකු සොයන කිසිම මංගල යෝජනාව දකින්නට නැහැ. හේතුව ගොවියෙකු සමඟ ජීවත්වීමට නොහැකි බවට තියෙන විශ්වාසය නිසයි.අපේ වගකීම තමයි රූමත් දියණියට ගොවි මහතෙකු සොයන තත්වයකට කෘෂිකර්ම ව්‍යාපාර වැඩිදියුණු කිරීම.දියුණු රට වල ගොවියෙක් කීවොත් ලොකු වටිනාකමක් තියෙනවා.එම තත්වයට අපේ රටත් රටේ ගොවියාත් පත් කළ යුතුයි.
ලඟදී අපේ අමාත්‍යංශයට ගොවියන්ගෙන් බඩ ඉරිඟු මිලදී ගන්නා ව්‍යාපාරිකයින් පිරිස ආවා.බඩ ඉරිඟු වලට ඉහළ මිලක් ලබාදෙන ලෙස් ඉල්ලමින්. නමුත් මේ වන විට ගොවීන් ළඟ බඩ ඉරිඟු නැහැ. ඔවුන් ව්‍යාපාරිකයින් අතට බඩ ඉරිඟු දී තිබෙනවා. මාධ්‍යයේ යනවා බඩ ඉරිඟු ගොවීන් බඩ ඉරිඟු වලට නිසි මිලක් ඉල්ලා උද්ඝෝෂණය කරන බවට. නමුත් උද්ඝෝෂණය කරන්නේ ගොවීන්ගෙන් බඩ ඉරිඟු මිලදී ගත් පිරිසයි.
අපි එකසිය හතළිහක මුදලක් බඩ ඉරිඟු කිලෝවකට නියම කර තිබෙනවා.ගොවීන් ඒ මිලට බඩ ඉරිඟු විකුණා තිබෙනවා.දැන් බඩ ඉරිඟු තිබෙන්නේ බඩ ඉරිඟු ගොවීන් ළඟ නෙවෙයි.ඒවා මිලදී ගත් ව්‍යාපාරිකයින් ඒවා හංගගෙන තදකරගෙන සිටිනවා මිල ඉහල යන තෙක්.අපි තීරණය කළා බඩ ඉරිඟු කිලෝව රුපියල් දෙසීයට ගියොත් බිත්තරයක් කීයක් වෙයිද කුකුළ් මස් කිලෝව කීයක්ද වෙයිද කියලා.ඒවත් එවිට ඉහළ යනවා. අපි තීරණය කළා ඒගොල්ලොන්ට බඩ ඉරිඟු කිලෝම දෙසීයට යනකම් තියන් ඉඳලා මුළු පාරිභෝගිකයාට කෙලවෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා.
ඒ නිසා අපි පිට රටින් බඩ ඉරිඟු ගේන්න තීරණය කළා.අපි බඩ ඉරිඟු කිලෝ මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ගේන්න තීරණය කළා.අපේ රටේ අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ හතයි.ඔවුන් මොකද කළේ දැන් වැඩේ හරියන්නේ නැහැ දෙසීයට අපිට විකුණ ගන්න බැහැ.අමාත්‍යංශය ලඟට ගිහින් පිටරටින් ගෙන්වන්න එපා කියලා උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා.විදේශයෙන් ගෙන්වන බඩ ඉරිඟු වලට බද්දක් ගහන්න කියලත් ඔවුන් කියනවා.
අමාත්‍යංශය තීරණ ගත්තේ සමබරව හිතලයි. උද්ඝෝෂණය කරලා මොකුත් ගන්න බැහැ. නිලධාරීන්ට මම කිව්වා අමාත්‍යංශයට එන ගොවීන්ට අවශ්‍ය පහසු ලබා දෙන්න කියලා. උපවාස කරනවා නම් පැදුරු කොට්ටත් ලබා දෙන්න කියලා.රජයේ කාර්යාල ඔවුන්ට අයිති දේපල නිසයි එහෙම උපදෙස් දුන්නේ.කිසිම හේතුවකට ඔවුන්ට වැස්සකටවත් තෙමෙන්න දෙන්න එපා කියලත් කිව්වා.මගේ ඔෆිස් එකට එන්න කියලා කිව්වා.
ඕනෙ නම් මගේ පුටුවෙත් වාඩි කරලා තියන්න කිව්වා.අපිට ලොකු වගකීමක් තියෙනවා ගොවීන්ගේ ආදායම් තත්වය වැඩි කිරීමට.එසේ වුණත් පාරිභෝගිකයාට බරක් වන සේ තීන්දු තීරණ වෙනස් කිරීමට අපි සූදානම් නැහැ.දැන් අපිට පේන්න නරක දේත් හොඳ දේත් පෙනෙනවා.ප්‍රශ්න තියෙනවා කියන්නේ ඒ සමඟම උත්තරයක් තියෙනවා කියන එක. දේශපාලකයින් සිදුකරන හොරකම දූෂණය වංචාව නාස්තිය නතර කරන්න බෑ කියලයි රටේ සියලු දෙනා කිව්වේ.නමුත් අපි එය නතර කළා. අපේ රජයේ කිසිම අයෙක් වැරදි දෙයට සම්බන්ධ වන්නේ නැහැ.අපේ ඇමැතිවරු ඇමති වැටුප ගන්නේ නැහැ.වාහන භාවිතයත් ඉතාම අඩුවෙන් සිදුකරන්නේ.
පරණ හොඳ දේ ඉතිරි කර ගන්නා අතර සියලු නරක දේ බැහැර කරනවා. අපේ රජයක් පිහිටුවාට අරගලය විප්ලවය ඉවර නැහැ අපි වැඩ පටන් ගත්තා විතරයි.ආණ්ඩුවක් හැදුවා කියලා අරගලය ඉවර වන්නේ නැහැ. ජනතාවට අරගල කරන්න කිසිම ගැටළුවක් නැහැ.ගැටළු වලට විසඳුම් ලබාදීමට අපේ රජය කටයුතු කරනවා."
මොණරාගල සුමනසිරි ගුණතිලක