ලක්ෂ 24ක් නිෂ්කාර්ය වියදම් වූ හැටි

ලක්ෂ 24ක් නිෂ්කාර්ය වියදම් වූ හැටි

Published on June 26, 2025, 01:56 PM

රුහුණු සංචාරක කාර්යංශය විසින් දේශිය හා විදේශිය සංචාරකයින්ට තොරතුරු සැපයිම සදහා රුපියල් විසිහතරලක්ෂ, අසුඅටදහස්, නමසිය පනස් හතරක මුදලක් (2,488,954)  වැයකොට ස්වයංක්‍රිය යන්ත්‍ර හා කුටි  ස්ථාපිතකොට තිබුනද කිසිදු සංචාරකයකු විසින් මෙම යන්ත්‍ර භාවිතා නොකිරිම නිසා  මේ සදහා වැයකොට ඇති මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

රුහුණු සංචාරක කාර්යංශය විසින් 2022 වර්ෂයේ දි දේශිය හා විදේශිය සංචාරකයින්ට තොරතුරු සැපයිම සදහා  හික්කඩුව, වැලිගම හා තංගල්ල යන නගරවල  ස්වයංක්‍රිය  (KIOSK)  යන්ත්‍ර  03ක් ස්ථාපිතකොට තිබුණි. යන්ත්‍ර සදහා පමණක් වැයකොට ඇති මුදල රුපියල්  දහතුන්ලක්ෂ,පනස්දහසකි. (1,350,000)  අනික් මුදල් කුටි ඉදිකිරිම වෙනුවෙන් දරා තිබුණි.

වත්කම්වල ආරක්ෂාව සදහා අවශ්‍ යක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.  දොරෙහි අගුල අක්‍රියවිම සම්බන්දයෙන්  කුටි සකස් කිරිම සිදුකරණු ලැබු ආයතනය දැනුවත් කිරිමට කටයුතු කළබැව්  දකුණු පළාත් සභාවේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත.

එම ආයතනය ලවාම  අදාළ කටයුත්ත සිදුකළයුතුව ඇත්තේ  විදුරුවට හානිවිම වලකමින්  ආදළ අක්‍රියවිම  ආරක්ෂිතව සකස්කළ යුතුව බැවින් බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත. මෙම කුටි  නගරාසන්නයේ  පවතින නිසා  නිරන්තර කුණු  දුවිලි  වලින්  පිරෙන අතර  කාර්යංශයේ කම්කරුවන්  විසින්  මසකට වතාවක්  එවා පිරිසිදුකරණු බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post