
Published on June 26, 2025, 12:19 PM
රී ලංකාවේ සිට ඊශ්‍රායලයට යාමට අපේක්ෂා කරන පිරිසට තම ගමන් වාරය සඳහා ගුවන් ටිකට්පත් ලබා ගැනීමට තව දින ගණනාවක් ගතවනු ඇති බව ඊශ්‍රා යෙලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කියයි. ඊශ්‍රා යෙලයේ නවතම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඊශ්‍රායලයේ වත්මන් තත්ත්වය (යාවත්කාලින කිරීම 13.00 [Israel Time] - 25 ජුනි 2025)
1. ඉරානය හා ඊශ්‍රායලය විසින් එකඟ වූ සටන් විරාමය ඊයේ සිට මේ දක්වා ක්‍රියාත්මක වන අතර ඒ අනුව දෙපාර්ශවයම ප්‍රහාර එල්ල කිරීමෙන් වැලකි සිටිති.
2. දින 12ක යුධ සමයේ සිවිල් ජනයාට පනවා තිබූ සමූහ ඒකරාශීවීම් පිළිබඳව රෙගුලාසි ඉවත් කර ඇති බැවින් ඊශ්රායිල් ජනතාව ඊයේ සවස් කාලයේ කණ්ඩායම් වශයෙන් මුහුදු වෙරළ කලාපවල හෝ උද්යානවල් සිටිනු දක්නට ලැබුණි.
3. ටෙල්අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් ගමන් සඳහා විවෘත කොට ඇත. මේ දක්වා ක්‍රියාත්මක වන්නේ ඊශ්රායිල් ගුවන් සමාගම් විසින් මෙහෙයවන ලද ගුවන් ගමන් පමණි. අද රාත්‍රියේ FLY-DUBAI හා HI-SKY ගුවන් සමාගම් විසින් තම ගුවන් ගමන් ටෙල් අවිව් දක්වා පියාසර කිරීමට නියමිතය.
4. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලය බලා පැමිණීමට අපේක්ෂා කරන පිරිසට තම ගමන් වාරය සඳහා ගුවන් ටිකට්පත් ලබා ගැනීමට තව දින ගණනාවක් ගතවනු ඇත.
5. අද දින ජෝර්දානයේ අම්මාන් නුවර හරහා නවදිල්ලිය දක්වා ගමන් කිරීමට නියමිතව තුබූ ඉන්දියන් ගුවන් සමාගමට අයත් ගුවන් යානාව අවලංගු කොට තිබේ. එයට හේතුව වී ඇත්තේ ඉන්දියාව බලා යාමට සිටි බොහෝ දෙනෙකු යුද්ධය අවසන් වීමත් සමඟම ඊශ්‍රායලයේ රැදී සිටීමට තීරණය කිරීමයි. මෙම යානයේ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු ගමන් කිරීමට සිටි අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු හැර අන් 15 දෙනා ශ්‍රී ලංකාවට ගමන් කිරීම කල් තබා ඇත.
6. ඊශ්‍රායලයට නිසිපරිදි ගුවන් යානා පැමිණීම ප්‍රමාද වන්නේ නම් ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපල හරහා ශ්‍රී ලංකාවට යාමට අවස්ථාව තිබේ. එම මාර්ගයේ දැනට අට දෙනෙකු ශ්‍රී ලංකාවට ගොස් ඇති අතර මේ හරහා ගමන් කිරීමට අපේක්ෂා කරන පිරිසට තානාපති කාර්යාලයේ සහාය ලබා ගත හැක.
නිමල් බණ්ඩාරඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති.