
Published on June 29, 2025, 04:26 PM
තංගල්ල ධීවර වරායෙන් ඊයේ (28) මුහුදු රැකියාවේ ගිය බහුදින ධීවර යාත්‍රාවක් ගල් පරයක හැපී අනතුරට ලක්වීමෙන් එහි සිටි ධීවරයන් දෙදෙනකු අතුරුදහන්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අතුරුදහන් වී ඇත්තේ හම්බන්තොට ,පල්ලෙමලල පදිංචි 39 හැවිරිදි ධීවරයකු සහ තංගල්ල දංකැටිය සගබෝ මාවතේ පදිංචි 49 හැවිරිදි ධීවරයෙකි.අනතුරට පත්ව ඇත්තේ මැක්සිම් පුතා 01 නමැති බහුදින ධීවර යාත්‍රාව බව පොලීසිය කියයි.
එහි හිමිකරු වන තංගල්ල ගොයම්බොක්කේ පදිංචි ආර් .පී.පැතුම් නිලංග නමැති අය මේ සම්බන්ධයෙන් අද (29) අලුයම තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව තංගල්ල රුහුණ නාවික හමුදා කදවුර දැනුම්වත් කර අතුරුදහන් ධීවරයන් සෙවීමේ කටයුතු ආරම්භ කර ඇත.
බෙලිඅත්ත- කවීෂා ගරුසිංහ