ලංකාවේ මානව හිමිකම උල්ලංඝනය වන බවට බොරු ප්‍රචාර යනවා

ලංකාවේ මානව හිමිකම උල්ලංඝනය වන බවට බොරු ප්‍රචාර යනවා

Published on June 26, 2025, 07:39 PM

සෑම රටකම සෑම ජාතියකම අන්තවාදීව කටයුතු කරන සුළු පිරිසක් සිටින බවත් මෙරට බහුතර පිරිස් සියලු ජාතීන් සමග සාමකාමී සහජීවනයෙන් ජීවත්වෙන බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ තානාපති වෝල්කර් ර්ටර්ක් මහතා හමුවේ පැවසූහ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ තානාපති වෝල්කර් ටර්ක් මහතා අද (26) මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මල්වතු මහානා හිමියන් ඒ බව අවධාරණය කළහ.

"ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන බවට ලෝකය පුරා බොරු ප්‍රචාර ගෙන යනවා. පාසල් හා පිරිවෙන් වල පවා දෙමළ භාෂාව උගන්වනවා. රජයේ සේවකයන්ට දෙමළ භාෂා දැනුම ලබා දෙනවා. මේ සියල්ල කරන්නේ ජාතික හා ආගමික සංවිධියාව ඇති කිරීම මූලික කරගෙනයි. මානව හිමිකම් කඩවීම පිළිබඳව අපගේ රටට එරෙහිව 2014දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම චෝදනාවක් කළා. ඔබතුමන් මෙරටට පැමිණියේ එවැනි දේකටද කියලා මම දැනගන්න කැමතියි.

අන්තවාදීව කටයුතු කරන සුළු පිරිසක් මේ රටේ ඉන්නවා. එවැනි පිරිස් සෑම ජාතියකම වගේම සෑම රටකම ඉන්නවා. ඔවුන් යම් අරමුණු වෙනුවෙන් ජාතික හා ආගමික සංවිධයාව බිඳ දැමීමට උත්සාහ කරනවා. දේශපාලනඥයන් සුළු පිරිසක් ද මේ අතර සිටිනවා. ඔබතුමා හමුවීමේ අපේක්ෂාවෙන් සිටි දෙමළ ජාතිකයින් දේශපාලනඥයින්ව  පන්නා ගන්නවා අපිදැක්කා.

ජනතාවගේ ඡන්දය අරන් කොළඹට වී කාලය ගතකර නැවත ඡන්දයක් එන විට ගමට එන දේශපාලනඥයන්ව දැන් ජනතාව පිළිගන්නේ නැහැ. උතුරෙත් එවැනි දේශපාලනඥයන් ඉන්නවා.

අන්තගාමී ඇතැම් පිරිස් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන බවට ලෝකය පුරා බොරු ප්‍රචාර ගෙන යනවා. අන්තවාදීව කටයුතු කරන ඇතැම් පිරිස් ආගම්වාදය හා ජාතිවාදය ඉස්මතු කරමින් ගැටුම් ඇති කිරීමට උත්සාහ කරනවා.

මෙරට බහුතර ජනතාව සාමයෙන් හා සමගියෙන් කටයුතු කරද්දී බලය ලබා ගැනීමේ අරමුණින් සුළු පිරිසක්වු දේශපාලනඥයන් ජාතිවායද හා ආගම් වාදය අවුස්සමෙන් ජනතාව භේද කිරීමට උත්සාහ කරන බවද මල්වතු මහා නා හිමියෝ වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ තානාපති වෝල්කර් ටර්ක් මහතා අදහස් දක්වමින්ප වසා සිටියේ පසුගිය වසර 80ක කාලය සැලකීමේදී ලෝකයේ වැඩියෙන්ම ගැටුම් පවතින කාලය ලෙස මෙම කාලවකවානුව හැඳින්විය හැකි බවයි.

රටවල් අතර යුද්ධ ඇතිවීම සමගින් මේ වනවිට මානව හිමිකම් කඩවීම් සිදුවීම් බහුලව වාර්තාා වෙනබවඅවධාරණය කළමානවහිමිකම්කොමසාරිස්වවරයාමේ අවස්ථාවේදී ඊට මැදිහත්වීම් සිදු කිරීමටවිශාල වගකීමක් තිබෙන බවද පැවසීය.

සමාජයේ බෙදීම් වැඩිවී තිබෙන බවත් දරිද්‍රතාවය ඉහළ ගොස් තිබෙන බව අවධාරණය කළ කොමසාරිස්වරයා මිනිසුන් අතර තිබෙන බෙදීම් අවම කර ගැනීමට බෞද්ධ දර්ශනය තුළින් හොඳ පණිවිඩයක් සමාජගත කළ හැකි බවද පැවසීය.

බෞද්ධ දර්ශනය හාමානව හිමිකම් සුරැකීම සම්බන්ධව විශාල සම්බන්ධයක් තිබෙන බව අවධාරණය කළ ඒ මහතා අන්තර් ආගමික සම්බන්ධතා මගින් සාමය හා සංහිඳියාව සඳහා හොඳ පදනමක් දැමිය හැකි බවද දීර්ඝ කාලයක් යොදුන් පැවති ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගමන් කිරීමටත් රට තුළ මානව හිමිකම් ආරක්ෂා වීමටත් ජාතින් අතර අන්‍යෝන්‍ය අවබෝධය මෙන්ම එකිනෙකා විශ්වාස කිරීම සිදුවිය යුතුබවද පැවසීය.

මල්වතු මහ නා හිමියන් හමුවීමෙන් අනතුරුවඒ මහතාඅස්ගිරි මහා විහාරයට ගොස් එහි මහානායක අතිපූජ්‍යවරකාගොඩ ශ්‍රී ඥානරතන මහානා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තේය එම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරීපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන යන නාහිමි වරුද එම අවස්ථාවට සහභාගි වූහ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post