
Published on June 26, 2025, 10:29 AM
සංචාර බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 247කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් මීට සුළු මොහොතකට පෙර සමත් විය.
පළමු දිනය අවසානයේ බංග්ලාදේශ ඉනිමේ කඩුලු 08ක් දැවී තිබුණු අතර, ඒ අනුව අද(26දා) පෙරවරුවේ බංග්ලාදේශයේ තවත් කඩුලු 02ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි විය.
මෙහිදී අසිත ප්‍රනාන්දු සහ සොනාල් දිනූෂ කඩුලු 03 බැගින් බිඳ හෙළීමට සමත් විය.
මේ අතර, ඊයේ (25දා) පිටියේ විනිසුරුවරයෙකු ආබාධයට ලක්වීම හේතුවෙන් තරගය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු ප්‍රගීත් රඹුක්වැල්ලට පිටියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමි විය.
මෙය ඔහු ටෙස්ට් ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන පළමු ජාත්‍යන්තර තරගය වන අතර, එහිදී ඔහු ලබා දුන් පළමු තීරණයම නිවැරදි තීරණයක් වූ අතර, අනෙක් අන්තයේ පිටියේ විනිසුරුවරයා ඔහුට සුබ පතනුද දක්නට ලැබිනි.