
Published on June 25, 2025, 07:35 PM
සෑම වසරකම ජුලි මස 01 දා සිදුකිරීමට නියමිත බස් ගාස්තු සංශෝධනයට සමගාමීව ලබන ජුලි 01 දා බස් ගාස්තු සියයට 2කින් අඩු කිරීමට රජය යෝජනා කර තිබේ.
රජය හා බස් සංගම් අතර අද පැවැති සාකච්ඡාවකදී රජය මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් මෙම බස් ගාස්තු අඩුවීමේ පළමු හා දෙවැනි ගාස්තු වල වෙනසක් සිදු නොවේ.
කෙසේ වෙතත් රජය ගෙන ඇති මෙම තීරණය බස් සංගම් විරෝධය දක්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව බස් සංගම් ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.