
Published on June 25, 2025, 06:41 PM
අධිවේගී මාර්ග මෙහෙයුම් සඳහා නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අධිවේගී මාර්ගවල මගී ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් බස් රථ නොමැතිකම හමුවේ ශ්‍රි ලංගම විසින් දැනට පෞද්ගලික අංශයට අයත් සුඛෝපභෝගී බස් රථ 61ක් ලාභ බෙදා ගැනීමේ පදනම මත ධාවනයේ යොදවයි. මේ අනුව අනුව අධිවේගී මාර්ග සඳහා අධි සුඛෝපභෝගී බස් රථ 200ක් තම අරමුදල් යොදා ගනිමින් මිලදී ගැනිමට ශ්‍රී ලංගමය තීරණය කර තිබේ.
ඒ අනුව මූල්‍ය හැකියාව ඇති ඩිපෝ මගින් අධි සුඛෝපභෝගී බස් රථ 29ක් සෘජුවම මිලදී ගැනීමටත් ශ්‍රී ලංගමයේ අරමුදල් භාවිත කරමින් මූලික ගෙවිම් සිදුකර ඉතිරි මුදල් වසර 5ක් තුළ මාසික වාරික වශයෙන් උපයන ආදායමෙන් ගෙවිම හරහා සෙසු බස් රථ ප්‍රමාණය මිලදී ගැනීමටත් ප්‍රවාහන, මහා මාර්ග, වරයා හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.