සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාර විමර්ශනවලටයි, පැය 72ක් රඳවා ගනියි

සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාර විමර්ශනවලටයි, පැය 72ක් රඳවා ගනියි

Published on February 25, 2026, 02:41 PM

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තිබූ සාකෂි මත පදනම්ව බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකළ යුතුව ඇති බැවින් ඒ පිළිබඳ තොරතුරු ඉදිරියේ දී අනාවරණය කරන බවද ඒ මහතා පැවැසීය.

එසේම විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගෙන් ඉදිරියේ දී සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම්වලදී පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අනුවඔහු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post