දුම්රිය ස්ථානාධිපති තනතුරට පිරිමි අයදුම්කරුවන් පමණක් යන ගැසට් නිවේදනය සංශෝධනය කරනවා

දුම්රිය ස්ථානාධිපති තනතුරට පිරිමි අයදුම්කරුවන් පමණක් යන ගැසට් නිවේදනය සංශෝධනය කරනවා

Published on August 27, 2025, 06:54 PM

දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා පිරිමි අයදුම්කරුවන්ට පමණක් ඉදිරිපත්වීමට හැකි බවට සඳහන් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යොමුකර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (27) දැනුම් දුන්නේය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා පිරිමි අයදුම්කරුවන්ට පමණක් ඉදිරිපත්වීමට හැකි බවට සඳහන් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය හේතූවෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි සඳහන් කරමින් කාන්තාවන් දෙදෙනෙකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙතසම සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයනතාරා බාලපටබැඳි මහත්මිය ඒ බව දැනුම් දුන්නාය.

අදාළ ගැසට් නිවේදනයේ  ‘අයදුම්කරුවන්ට පමණක් ඉදිරිපත් විය හැකිය’ යන වගන්තිය අඩංගු කිරිමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් එම වගන්තිය ඉවත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විිභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අවසර දී තිබුණි.

අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණී.

අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදුෂා යන මහත්මින් විසින් ගොනු කර ඇති  පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු පිරිසන් නම් කර ඇත.

පෙත්සම සලකා බැලු අවස්ථාවේදී පෙත්සම්කාරියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා කරුණු දක්වමින් මෙම තනතුරු සඳහා අයැදුම් කිරීමට කාන්තාවන්ට අවස්ථාව නොදීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් මේ සම්බන්ධයෙන් අයදුම් කිරීමට දී ඇති අවසාන දිනය ලබන සදුදා බැවින් එම දිනය වෙනස් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයනතාරා බාලපටබැඳි මහත්මිය කරුණු දක්වමින් මෙම ගැසට් නිවේදය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇතැයි කීවාය. කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල ඔක්තෝබර් 30 වැනිදා පෙත්සම සලකා බැලීමට දින නියම කළේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post