මෙරට ප්‍රථම කෘතීම බුද්ධි උපාධිය පේරෙන්

මෙරට ප්‍රථම කෘතීම බුද්ධි උපාධිය පේරෙන්

Published on July 01, 2025, 02:38 PM

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට වසර 75ක් පිරීම නිමිත්තෙන් සමරනු ලබන වජ්‍ර ජයන්තියට සමගාමීව මෙරට විශ්ව විද්‍යාලයක් විසින් පිරිනමනු ලබන පළමු කෘතිම බුද්ධිය පිළිබඳ උපාධි පාඨමාලාව ඉදිරියේදී ආරම්භ කරනු ලබන බව එම පීඨයේ පිඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා කියයි.

පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ දියමන්ති ජුබිලිය ජූලි මස 01 වැනිදා සැමරීම නිමිත්තෙන් එම පීඨයේදී පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය සමරනායක මහතා ඒ බව අවධාරණය කළේය.

මෙරට විශ්ව විද්‍යාලයක කෘතිම බුද්ධි උපාධි පාඨමාලාවක් ආරම්භ කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය බව අවධාරණය කළ මහාචාර්ය සමරනායක මහතා ඒ සඳහා අවශ්‍ය සම්පත් සියල්ල සූදානම් කොට ඇති බවද අවධාරණය කළේය.

එම පාඨමාලාවේ පළමු කාණ්ඩයට උසස් පෙළ විභාගයට මුහුණ දී සුදුසුකම් සපුරා ඇති සිසුන් 50 දෙනෙකු ඇතුලත් කරගන්නා බවද මහාචාර්යවරයා අවධාරණය කළේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post