සුදුවැල්ල වෙඩි තැබීමකින් මව, දියණිය හා තවත් අයෙක් තුවාල ලබයි

සුදුවැල්ල වෙඩි තැබීමකින් මව, දියණිය හා තවත් අයෙක් තුවාල ලබයි

Published on July 06, 2025, 07:16 AM

කොස්ගම, සුදුවැල්ල ප්‍ර දේශයේ අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් අවුරුදු 12ක් දියණිය, අවුරුදු 30ක මව හා තවත් පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය  පවසයි.‍

ත්‍රි ‍රෝද රථයක කුලී ගමනක් යමින් සිටියදී පසුපස අසුනේ සිටි මෙම පුද්ගලයන්ට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා තිබේ.

තුවාකරුවන් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ. වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තැබුවේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව පොලීසිය කියයි. කොස්ගම පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post