ජනතාව උද්ඝෝෂණ කළා කියල රජයේ තීරණ වෙනස් කරන්නේ නෑ

ජනතාව උද්ඝෝෂණ කළා කියල රජයේ  තීරණ වෙනස් කරන්නේ නෑ

Published on July 06, 2025, 08:29 PM

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලංකා රජයට මේ දක්වා ලබා දී  තිබූ  සියලු යෝජනා සම්පූර්ණ කර ඇති බවත් ඉතිරි යෝජනා සියල්ලද සම්පූර්ණ කරන බවත් කෘෂිකර්ම වාරිමාර්ග ඉඩම් සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා කීය. ඒ මහතා එම අදහස් ප්‍රකාශ  කළේ අද 03 වනදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ලාල්කාන්ත මහතා මෙසේද කීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අපේ රටට යෝජනා කරල තිබුණු වඩසටහන් තුලම තමයි අපි  දැනට යමින් ඉන්නේ.ඒකේ ඉතිරි ටිකත් අපි යනවා. දැනට මේකේ කළමණාකරණයක් තුලනයක් තියෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයකින් අපි කටයුතු කර ගෙන යන නිසා. ඒක කඩාකප්පල් වන විදිහට කිසිසේත්ම වැඩ කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නෑ.  ඒ වගේම මුල්‍ය අරමුදලයි රජයයි එකඟ වෙච්ච ඉලක්ක  සම්පූර්ණ කරමින් යනවා. මේ දක්වා ඉලක්ක නිසි පරිදි සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතිරි ටිකත් අපි සම්පූර්ණ කරනවා. 2028 න් පස්සේ අපි ණය ගෙවන්න පුළුවන් තත්වයට පත් විය යුතුමයි.ඒ ඉලක්කය සහිතව අවශ්‍ය කටයුතු කරමින් යනවා.

විපක්ෂ නායක  තුමා කිව්ව කියලවත් උද්ගෝෂණ වැඩවර්ජන කළා කියල හෝ අපි රජයක් ලෙස ගන්න තීරණ වෙනස් කරන්නේ නෑ. යම් මොහොතවල්වල ක්‍රමවේදය අනුව යම් දෙයක මිල  වැඩි කරන්න ඕන නම් වැඩි කරනවා යම්  මොහොතක යම් දෙයක මිල ක්‍රමවේදය අනුව අඩු කරන්න ඕන නම් අඩු කරනවා. එහෙම නැතිව විපක්ෂ නායක තුමා කිව්ව කියල හෝ ජනතාව උද්ඝෝෂණය කළා කියල හෝ වැඩ වර්ජන කළා කියල හෝ ජාතික මට්ටමේ වැදගත් ප්‍රතිපත්තිමය තීරණ අපි   නොගෙන ඉන්නේ නෑ. එ

හෙම නොවුනොත් මේ රට නැවතත් මේ රට කඩා වැටීමකට පත් වෙනවා. පසුගිය කාලයේ රට කඩා වැටුණා. දැන් යම් මට්ටමකට එක විදිහනට ගානකට යනවා.පොඩි පොඩි දේවල් වුනාට පොදුවේ යම් තුලනාත්මකව යනවා. වර්තමාන දේශපාන නායකයින්නේ යුතුකම තමයි මේක කළමණාකරණය කරන එක. කළමණාකරණය නොකර අතනින් කියන එකයි මෙතනින් කියන එකයි කරන්න ගියොත් මේක කඩා වැටෙනවා. ඒනිසා විපක්ෂ නායක තුමාට ඇති තරම් කියව කියව ඉන්න පුළුවන් යැයිද කීය.

මහනුවරමොහොමඩ් ආසික්

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post