තම දියණියව අපයෝජනය කළ නරුම පියෙක් අල්ලයි

තම දියණියව අපයෝජනය කළ නරුම පියෙක් අල්ලයි

Published on July 04, 2025, 02:57 PM

සියඹලාන්ඩුව ප්‍රදේශයේ පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දහසය හැවරිදි දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ බව කියන, එම දැරියගේ පියා සැකපිට අත්අඩංගුවට ගත්බව සියඹලාන්ඩුව පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් සැකකරු, සියඹලාන්ඩුව, අම්පාර මාර්ගයේ පදිංචි පුද්ගලයකු බව අනාවරණය වී තිබේ.

සිද්ධිය පිළිබඳව දැරිය, තමන් ඉගෙනුම ලබන පාසලේ ගුරුවරියකට පැවසිමෙන් පසු,එම ගුරුවරිය පාසැලේ විදුහල්පතිවරයාට දැනුම්දී තිබේ. අනතුරුවවිදුහල්පතිවරයා පොලිසියට කල පැමිණිල්ලකට පසු පොලිසිය දැරියගෙන් ලබාගත් කට උත්තරයකින් පසු සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු තිස්හතර හැවරිදි පුද්ගලයකි. පොලිසිය පවසන්නේ, සැකකරුගේ බිරිඳ කිසියම් සිද්ධියකට, සැකකරු සමග අමනාප වී නිවසින් ගොස් මාසයක් පමණ වනබවයි.

වින්දිත දැරිය, සැකකරුගේ වැඩිමහල් දියණිය බවත්, ඔහුට තවත් දැරියන් දෙදනෙකු සිටින බවත්, පොලිස් විමර්ශනවලදි අනාවරණය වී ඇත.

සැකකාර පියා සියඹලාන්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවිමට නියමිතව තිබුණි.

මොනරාගල නයනජීව බණ්ඩාර

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post