
Published on July 06, 2025, 09:25 AM
වන අලියෙකු ඊයේ (05) අලුයම මැදවච්චිය මහජන බැංකුවට දැඩි හානි සිදුකර ඇති පුවතක් මැදවච්චියෙන් වාර්තා වෙයි.
එදින මැදවච්චිය නගරයට පැමිණි අලියා නගරයේ මන්නාරම් මාර්ගයේ පිහිටි මැදවච්චිය බස් නැවතුම්පොලට ඉදිරියෙන් පිහිටා ඇති මහජන බැංකුවට කඩා වැදී බැංකුවේ ප්‍රධාන විදුරු දොර කඩා දමා බැංකු පරිශ්‍රය තුළට ඇතුලු වී එහි සිවිලිමටද හානි කර ඇත.
අලියා බැංකුවට ඇතුලු වී එහි ඇවිදිමින් සිට ඇති නැවත බැංකුවෙන් එළියට පැමිණ ඊට ආසන්නයේ පිහිටි විහාරස්ථායකටද කඩා වැදී කෙසෙල් සහ කොස් ආහාරයට ගෙන පන්සල් වත්තටද අලභා හානි සිදුකර තිබුණි.
අලි ප්‍රහාරය හමුවේ මහජන බැංකුවේ ගොඩනැගිල්ලට සැලකිය යුතු අලාභයක් සිදුව ඇති බවත් බැංකුවේ තිබූ මුදල් සහ සේප්පුවේ තිබූ රන් භාණ්ඩ ඇතුලු සියල්ල සුරක්ෂිතව ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවැසීය.
හොරෝව්පොතාන - සිඩ්නි රුවන් උබේපාල