ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ලාකිකය් තිදෙනෙක් ලංකාවට පිටුවහල් කරයි

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ලාකිකය්  තිදෙනෙක් ලංකාවට පිටුවහල් කරයි

Published on July 04, 2025, 12:00 PM

ශ්‍රී ලංකාවේ අධිකරණ වලින් ඇප ලබා ගෙන පසුව මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පළා ගොස් සිටි ශ්‍රී ලාංකික සැකකරුවන් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන එම අධිකරණ නියෝග මත 07/03 දින සවස පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

මොවුන් අතරින් දෙදෙනෙකු වැලිහේන කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති . ඔවුන් දෙදෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන රුපියල් පන් කෝටි හතලිස් අට ලක්ෂයක් වටිනා දුම්කොළ තොගයක් ලබා ගෙන මුදල් වංචා කිරීමේ නඩු 08 ක විත්තිකරුවෝ වෙති.

33 හැවිරිදි මාදිවලගේ අසිත සාගර ගුණතිලක සහ 44 හැවිරිදි  සිල්පත්වාරිගේ සුමිත් රෝලන් ප්‍රනාන්දු ඔවුන් දෙදෙනා වෙති .

මීට අමතරව වැල්ලප්පලම් , පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංච් 34 හැවිරිදි සෙල්වරාජ් කබිලන් නැමති අය කොඩිකාමම් පොලිස් වසමේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 240 ක් සමග පොලිස් විශේෂ කාර්යයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකි .

මොවුන් තිදෙනා ඉකුත් 06/27 දින මන්නාරමෙන් ඉන්දියාව බලා යන බෝට්ටුවක නැගී මෙරටින් පළා ගොස් තිබූ අතර , එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි අතර , පසුව ට්‍රිචි  අධිකරණය මගින් මොවුන් ආපසු මෙරටට පිටුවහල් කිරීම සදහා නියෝග කර තිබුණි .

එසේ පිටුවහල් කළ මොවුන් 07/03 දින පස්වරු 05.20 ට ඉන්දියාවේ ට්‍රිචි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 134 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

එසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි මොවුන් තිදෙනා , කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව 07/03 දින රාත්‍රී 10.15 ට කොච්චිකඩේ සැකකරුවන් දෙදෙනා , පුත්තලම විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .

එසේම පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සැකකරු 07/04 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් , රදවා තබා ගෙන ප්‍රශ්ණ කිරීම සදහා අවසර ලබා ගැනීමට  නියමිතය .

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post