දේශීය ගෘහ සේවිකාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නැයි සංගමය කම්කරු ඇමතිගෙන් ඉල්ලයි

දේශීය ගෘහ සේවිකාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නැයි සංගමය කම්කරු ඇමතිගෙන් ඉල්ලයි

Published on July 08, 2025, 10:12 AM

දේශීය ගෘහ සේවිකාවන් තමන් සේවය කරන නිවෙස්වලදී මුහුණ දෙන හිංසාවන් සඳහා විසඳුම් ලබා දෙන ලෙස සහ ඔවුන්ගේ සේවක අයිතිවාසිකම් ලබා දෙන ලෙස ගෘහස්ත කම්කරු සංගමය  කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.

මහනුවර පිහිටි ගෘහස්ත කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් සසිකලා දිල්රුක්ෂි මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් සංගමයේ නියෝජිතයින් පිරිසක් අමාත්‍යවරයා හමු වී මෙම ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

මෙහිදී ඔවුන් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ  ඉල්ලීම් අතර  දේශිය ගෘහ සේවිකාවන්ට තමන් සේවය කරන නිවසේ සිදු වන ලිංගික  හිංසන හිරිහැරවලන් ආරක්ෂාවක් ලබා දීම , ප්‍රමාවත් වැටුපක් ලබා දීම, පවතින නීති රාමුව තුල ගෘහ සේවිකාවන් සඳහා  අර්ථ සාධක අරමුදලේ සහ සේවක අර්ථ සාධක අරමුදලේ දායකත්වය ලබා දීම ආදී  කරුණු කිහිපයක්ම ඇතුලත් විය.

ගෘහ සේවිකාවන්ට  බලපාන මෙම ගැටළු සම්බන්ධයෙන් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සිය අවධානය යොමු කර ඇති අතර අවශ්‍ය වුවහොත් නීතිමය සංශෝධන සිදු කර හෝ දේශිය ගෘහ සේවිකාවන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් ලබා දීමට පියවර ගන්නා බව ද  මෙහිදී  සඳහන් කර තිබේ.

මොහොමඩ් ආශික්

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post