තක්කාලි මිල පහළට

තක්කාලි මිල පහළට

Published on July 06, 2025, 11:10 AM

තක්කාලි අස්වනු කිලෝවක තොග මිල රුපියල් පනහකටත් වඩා අඩු අගයක් දක්වා පහත වැටී ඇති බවත් මේ හේතුවෙන් තක්කාලි වගාවේ නියුතු තමන් මහත් අපහසුතාවයට පත්ව ඇති බවත් තක්කාලි වගාවේ නියුතු ගොවිහු පවසති.

වැලිමඩ හා ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ගොවින් මේ කන්නයේ වගා කල තක්කාලි වගාවන්හි අස්වනු මේ වන විට වෙළද පොළට පැමිණෙන අතර තක්කාලි කිලෝවක් රුපියල් 30 ත් 50 ත් අතර මිලකට පහත වැටී ඇත. තක්කාලි අක්කරයක් නියමිත පරිදි වගා කිරීම සදහා රුපියල් ලක්ෂ තුනක පමණ මුදලක් අඩුම තරමින් වැය වන බවත් පවසන ගොවින් පවසා සිටින්නේ මෙලෙස මිල පහත වැටීම තමන්ට දරා ගත නොහැකි බවයි.

මේ වන විට කැප්පෙටිපොල විශේෂීත ආර්ථීක මධ්‍යස්ථානයටද තක්කාලි අස්වනු විශාල වශයෙන් ලැබෙන බව පවසන එහි වෙළෙදුන් කියා සිටින්නේ රටේ විවිධ ප්‍රදේශවල පිහිටා ඇති ආර්ථික මධ්‍යස්ථාන වලට තක්කාලි අස්වනු ලැබෙන නිසා මෙලෙස මෙම ප්‍රදේශවල අස්වනු විකුණා ගැනීමේ ගැටළු මතුව ඇති බවයි.

ගොවින් රජයෙන් ඉල්ලා සිටින්නේ මෙලෙස තක්කාලි අස්වනු විකුණා ගැනීමට නොහැකි වීම නිසා තමන්ට වගාවන් සදහා වුනු බැංකු ණයවත් පියවා ගැනීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන නිසා ඒ සදහා යම් සහනයක් ලබා දීමට යම් වැඩපිළිවෙලක් සකසා දෙන ලෙසය.

වැලිමඩ කුමාරගේ

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post