සරසවි සිසුවෙකුගේ සාමාන්‍ය වැය බර රු 405 313යි

සරසවි සිසුවෙකුගේ සාමාන්‍ය වැය බර රු 405 313යි

Published on July 07, 2025, 09:21 AM

මෙරට තුළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ විශ්වවිද්‍යාල17ක්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ විශ්වවිද්‍යාල 02ක්, ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලෙස රජයට අයත් විශ්වවිද්‍යාල පවතින බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

එමෙන්ම මෙරට තුළ පවතින රජයේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන එක් ශිෂ්‍යයෙකු සඳහා රජය මඟින් සාමාන්‍යයක් ලෙස රුපියල් 405,313ක මුදලක් දරන බවද මෙහිදී අනාවරණය විය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති ඒ ඒ විශ්ව විද්‍යාල එක් සිසුවෙකු සඳහා වෙන් කෙරෙන මුදල මෙසේය.

පේරාදෙණිය රු.714,662යි. කොළඹ විශ්වවිද්‍යාල රු.450,438යි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය රු.404,072යි.කැලණිය විශ්වවිද්‍යාලය රු.363,907යි.මොරටුව විශ්වවිද්‍යාලය රු.416,704යි. යාපනය විශ්වවිද්‍යාලය රු.352,309යි. රුහුණු විශ්වවිද්‍යාලය රු.391,745යි.නැගෙනහිර විශ්වවිද්‍යාලය රු. 352,741යි. අග්නිදිග විශ්වවිද්‍යාලය රු.300,679යි. රජරට විශ්වවිද්‍යාලය රු. 299,821යි.සබරගමුව විශ්වවිද්‍යාලය රු.338,021යි. වයඹ විශ්වවිද්‍යාලය රු.338,965යි. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය රු.323,50යි.සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය රු.440,808කි. ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය රු.693,056යි. වව්නියාව විශ්වවිද්‍යාලය රු.237,685යි. කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක ආයතනය රු.448,055යි.

මීට අමතරව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ එක් ශිෂ්‍යයෙකු සඳහා රු.1,013,602ක මුදලක්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ එක් ශිෂ්‍යයෙකු සඳහා රු.961,994ක් රජය විසින් වියදම් කරනු ලැබේ.

එමෙන්ම ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ එක්  ශිෂ්‍යයෙකු සඳහා රු.668,000ක්, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ එක් ශිෂ්‍යයෙකු සඳහා රු.561,313.43ක් සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ එක් ශිෂ්‍යයෙකු සඳහා රු.2,877,657ක් රජය විසින් වියදම් කරන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ලබා දුන් පිළිතුර අනුව මේ බව හෙළි විය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post