ලංගම බස් රථයක් තවත් දරුණු අනතුරක, 21ක් රෝහලට

ලංගම බස් රථයක් තවත් දරුණු අනතුරක, 21ක් රෝහලට

Published on July 04, 2025, 01:46 PM

හලාවත දැදුරු ඔය ආසන්නයෙදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටිමේන් සිදුවු මාරක අනතුරකින් රියදුරු ඇතුළු 21 දෙනෙකු බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට 4 දින දහවල්  ඇතුලත් කර ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කරමින් තිබු ලංකා ගමනා ගමන මංඩලයට අයත් අංක එන්.ඩි.9906 දරණ බස් රථය බව කියයි.

මෙම බස් රථය හලාවත කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කරමමින් තිබියදි රියදුරුට එකවර බස් රථය පාලනය කර ගැනිමට නොහැකි විමේන් මාර්ගයෙන් ඉවතට පැන දැදුරු ඔයට මිටර් කිපයක් දුරින් තිබු දැවැන්ත මාර ගසක ගැටි ඇති බව පොලිසිය කියයි.

යම් කිසි හේතුවකින් බස් රථය තවත් ඉදිරියට ධාවනය වුවේ නම් දැදුරු ඔයට වැඩි දරුණු අනතුරක් සිදුවිමට ඉඩ තිබු බව පොලිසිය කියයි.අනතුරීන් තුවාල බස් රථයෙ සිරවි සිටි රියදුරු මහත් වෙහෙසක් දරා බේරා ගෙන හලාවත මහ රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කිරීමට එම ස්ථානයට එක්වු පිරිස් කටයුතු කර තිබුනී.

හලාවත රෝහලට ඇතුලත් කල රෝගීන් අතරින් බස් රථ රියදුරු ඇතුළු තවත් තිදෙනෙකුගේ දරුණු අස්ථි බිදිමකට ලක්ව ඇති බවත් කිසිවකුටත් ජීවිත අනතුරක් නොමැති බවත් සෙසු පිරිස සදහා ප්‍රථිකාර ආරම්භ කර ඇති බව හලාවත මහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා කල විමසිමේදි පැවසිය.

හිරාන් ප්‍රියංකර/ජයරත්න වික්‍රමාරච්චි

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post