හන්තානේ අතරමං තරුණ තරුණියෝ සොයා ගනිති

හන්තානේ අතරමං තරුණ තරුණියෝ සොයා ගනිති

Published on June 29, 2025, 01:49 PM

ඊයේ දින තලාතුඔය රටේමුල්ල ප්‍රදේශයේ තරුණ තරුණයින් පිරිසක් හන්තාන කන්ද නැගීමට ගොස් අතරමංවී සිටියදී රාත්‍රිය පුරා ඔවුන් සොයා කළ මෙහෙයුමට පාර් ලිමේන්තු මන්ත්‍රී ජගත් මණුවර්ණ ද එක්වී සිටියේය.

මෙම අතරමංවූ පිරිසට තරුණයින් හත් දෙනෙකු හා තරුණියක සිටි අතර ඔවුන් සියලු දෙනා රටේමුල්ල  ප්‍රදේශයේ පදිංචි අසල්වාසින් හා සහෝදර සහෝදරියන් වේ.  වයස අවුරුදු දොලහත් විසි හතරත් අතර මෙම පිරිස හන්තාන කන්ද නැග යලි ඒමේදී ඇතිවූ වර්ෂාව හා දැඩි මීදුම නිසා මාර්ගය වැරදී හන්තාන ප්‍රදේශයේ වෙනත් අන්තයකට ගොස් ඇති අතර මේ බව දුරකතන මාර්ගයෙන් නිවෙස් වලට පවසා ඇත.

ඒ අනුව සිද්දීය පිලිබඳව තලාතුඔය පොලීසියට දන්වා ඇති අතර පොලීසිය මහනුවර දෙවන සිංහ රෙජිමෙන්තුවේ සෙබලු කණ්ඩායමක් හා ගම්වාසින් එක්ව ඔවුන් සොයා මෙහෙයුමක් දියත් කල අතර රාත්‍රි දෙක පමණ වන විට අතරමංවූවන් සොයා ගැනීමට හැකිවී තිබේ.

අතර මං වූ පිරිස අද දින පාන්දර සරසවිගම ප්‍රදේශයට රැගෙන විත් වහාම පේරාදෙණිය රෝහ වෙත ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ඇතුලත් කොට ඇත. සියලු දෙනාම හොද ශාරීරික සෞඛ්‍යෙ තත්ත්වයෙන් පසුවීම නිසා අද දහවල් වන විට රෝහලෙන් පිටවී තම නිවෙස් කරා ගොස් ඇත.

තලාතුඔය අසේල වික්‍රම/චමිල් රූපසිංහ/ෂේන් සෙනෙවිරත්න

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post