
Published on June 25, 2025, 10:19 AM
ටෙල් අවිව් සිට ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඉක්මනින්ම ආරම්භ වෙනු ඇති බව ඊශ්‍රායෙලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ටෙල් අවිව් සිට මේ වන විටත් සීමිත ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් ප්‍රමාණයක් ආරම්භ කර ඇති බවද ඔහු පවසයි.
ඊශ්‍රායලයේ වත්මන් තත්ත්වය
1. ඉරාන - ඊශ්‍රායිල් යුධ තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට ඒකරාශිවීමට හා උත්සව පැවැත්වීම වෙනුවෙන් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කිරීමට කටයුතු යොදමින් තිබේ. නිවේදනය නිකුත් කෙරෙනු ඇත.
2. ඊශ්‍රායලයට අයත් ගුවන් සමාගම් කීපයක් ටෙල් අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට සීමිත ජාත්‍යන්තර ගුවන් ගමන් ප්‍රමාණයක් ආරම්භ කොට තිබේ. බොහේ විට පවතින යහපත් තත්වය මත හෙට දිනයේ ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කෙරෙනු ඇත.
3. දැනට පවතින සටන් විරාමය රැක ගැනීමට ඊශ්‍රායලය හා ඉරානය යන රටවල් දෙකම එකඟ වී ඇත.
4. අද දවස තුළ ඊශ්‍රායලයෙන් පිටත්වූ තිදෙනෙක් ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපළේ හරහා කොළඹට පැමිණ සිටිති.
5. ශ්‍රී ලංකාවේ දැනට රැදී සිටින පිරිස් ඊශ්‍රායලය වෙත පැමිණීමට තම ගුවන් ටිකට්පත් අදාළ ගුවන් ටිකට් පිළිබඳව විස්තර එම ඒජන්සිවලින් විමසීමක් කරන්නේ නම් මැනවි. බොහෝ මගින් පිරිසක් එකවර පැමිණීමට අපේක්ෂා කරන බැවින් ගුවන් ටිකට් පත් ලබා ගැනීමට තරමක තදබදයක් තිබිය හැක.
6. ටෙල් අවිව් වෙත පැමිණෙන ගුවන ගමන් හෝ ඊශ්‍රායලයේ ටෙල්අවිව් ගුවන් තොටුපලේ තත්ත්වය පිළිබඳව වැඩිදුර විස්තර සඳහා තානාපති කාර්යාලය අමතන්න.