
Published on June 25, 2025, 11:01 AM
ඌමා ඔය ව්‍යාපෘතියේ නොවිසිදුනු ගැටලු විසඳීම සඳහා පත් කරන ලද කැබිනට් අනුකමිටුව අද (26) එහි සභාපති කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් හා එම කමිටු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් බණ්ඩාරවෙල උඩපේරුව ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂණ චාරිකාවක නිරත වන අතර ජනතා ගැටලු භාර ගැනීම අද පස්වරුවේ බණ්ඩාරවෙල නගර සභා ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ සඳහා පත් කළ කැබිනට් අනුකමිටුවේ සභාපති සභාපති කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා ඇතුළු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න , කම්කරු අමාත්‍ය, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය මහාචාර්ය අනිල් ජයන්ත, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පට බැඳී, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන මහත්වරුන්ද සහභාගි වීමට නියමිතය.
අද පෙරවරු 8.30 සිට 11.30 දක්වා බණ්ඩාරවෙල උඩපේරුව ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාව සිදු කරන අතර 11.30 සිට 1.30 දක්වා බණ්ඩාරවෙල නගර ශාලාවේ දී ජනතා ගැටලූ බාර දීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.
එන් කේ නිශ්ශංක මීගහකිවුල