ආහාර විෂවීමකින් දේවපාලි දරුවන් පිරිසක් රෝහලට

ආහාර විෂවීමකින් දේවපාලි දරුවන් පිරිසක් රෝහලට

Published on June 26, 2025, 06:06 PM

පොල්ගොල්ල දේවපාලි විද්‍යාලයේ දරුවන් පිරිසකට ආහාර විෂ වීම හේතුවෙන් අද (26) පොල්ගොල්ල ප‍්‍රාථමික රෝහලට ඇතුළත් කර ඇති අතර එයින් දරුවන් අට දෙනකු කුරණෑගල ශික්ෂණ රෝහලට මාරු කර එවා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දරුවන් කීප දෙනෙකු පාසලේදී ඇතිවූ අසාත්මික තත්වය නිසා රෝහලට ඇතුලත් කරන ලද බවත්  ඇතැම් දරුවන්  පාසැල් ඇරී නිවෙස් වලට ගිය පසු මෙවැනි අසාත්මිකතාවයක් සිදුවීමෙන්  රෝහලට ඇතුලත් කර ඇති  බව දෙමාපියන් පැවසූහ.

මෙම දරුවන් රෝහලට රැගෙන එන අවස්ථාවේ බෝවන රෝගයක් යැයි ප‍්‍රචාරය වීමත් සමග රෝහල අසල රැදී සිටි පිරිස මුව ආවරන පැළද සිටි බව දක්නට ලැබුණි.

පිළිබඳව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය මිහිරි ප‍්‍රියංගනී මහත්මියගෙන් අප කළ විමසුමකදී කියා සිටියේ ආහාර විෂ වීමක් හේතුවෙන් දරුවන් අට දෙනකු පමණක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි.

කුරුණෑගල ජනුර් කිචිලාන්

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post