
Published on June 24, 2025, 08:00 AM
ඊශ්‍රා යෙලය හා ඉරානය අතර සටන් විරාමයකට එකඟ වූ බවට ජනාධිපති ට්‍රම්ප් නිවේදනය කිරීමත් සමග ලෝක වෙළඳ පොළ තුළ තෙල් මිල අඛණ්ඩව පහළ යමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් සියයට 4කින් පහළ ගොස් ඩොලර් 68 ක් බවට පත්විය. මේ අනුව ඊශ්‍රායලය ඉරානයට ප්‍රථම වරට ප්‍රහාරයක් දියත් කළ ජුනි 12 ට වඩා තෙල් මිල දැන් අඩුය.
ඒසේම ජපානය, දකුණු කොරියාව සහ ඕස්ට්‍රේලියාවේ යන ප්‍රධාන කොටස් වෙළපොළ දර්ශක සියල්ලම ඉහළ යමින් මැද පෙරදිග නවතම වර්ධනයන්ට ආසියාවේ කොටස් වෙලඳපොලවල් ද ධනාත්මකව ප්‍රතිචාර දක්වයි.