නිවාඩුවට ලංකාවට ආපු 219ක් යළි ඊශ්‍රායෙලයට යාමේ බලාපොරොත්තුවෙන්

නිවාඩුවට ලංකාවට ආපු 219ක් යළි ඊශ්‍රායෙලයට යාමේ බලාපොරොත්තුවෙන්

Published on June 24, 2025, 09:37 AM

ඊශ්‍රා යෙලයේ සිට නිවාඩුව ගත කිරීමට ලංකාවට පැමිණි පිරිසෙන් 219ක් යළිත් ඊශ්‍රා යෙලයට යාමට බලාපොරාත්තුවෙන් සිටින බවත්  ඔවුන්ගේ වීසා කාලය එළැඹෙන ජුලි 31 දා තෙක් දීර්ඝ කර ඇති බවත් ඊශ්‍රා යෙලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

ඊශ්‍රායිල්  වත්මන් ආරක්ෂක තත්ත්වය හා ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් - (යාවත්කාලින කිරීම  (04.00 AM, Israel time - 24/06/2025)

1.  ගතවූ පය 24 තුළ ඉරානයෙන් මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල වූ බව සටහන් වුව ද ඒවායින් කිසිවෙකුටත් පිඩා ඇති වූ බව  වාර්තා නොවේ.

2. ඊශ්‍රායලය හා ඉරානය පුර්ණ  සටන්  විරාමයකට එකඟ වූ බව ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල ප්‍රකාශයක්  උපුටා ගනිමින් ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කරයි.  එහෙත් මෙම නව ප්‍රවණතාවය පිළිබඳව මේ දක්වා ඊශ්‍රායිල් රජයෙන් නිල ප්‍රකාශයක් සිදු කර නැත.

3.  නවතම තොරතුරු අනුව තම නිවාඩු කාලය ගත කිරීමට ශ්‍රී ලංකාවට ගමන් කළ 219 දෙනෙකු  නැවත ඊශ්‍රායලය බලා පැමිණීමට නියමිතය.

4. ඉරාන- ඊශ්‍රායල් යුද්ධය හේතුවේ ඊශ්‍රායලයට නියමින  දිනට පැමිණීමට නොහැකිවූ  විදේශිකයන්ගේ RE-ENTY   විසා කාලය 2025 ජූලි  මස 31 දක්වා දීර්ඝ කිරීමට PIBA  ආයතනය කටයුතු කර ඇත. මේ බව සියලුම ගුවන් සේවාවලට දැනුම් දෙන අතර  ඊශ්‍රායලය වෙත  පැමිණීමට ගුවන් යානා ආරම්භ කළ  පසු අවහිරයකින් තොරව ඔව්‍ය්නට ඊශ්‍රායලය කරා පැමිණීමට හැකි වනු ඇත.

5. ඉන්දියානු රජය විසින් ක්‍රියාත්මක කරන අම්මාන් ගුවන්තටුපලේ සිට නව දිල්ලිය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ  ගමන් කිරීමට ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු ලියා පදිංචි වී සිටිති. අදාළ ගුවන් යානය 2025 ජුනි මස 25 වැඩි දින ගමන් කිරීමට නියමිතය.

6. එසේම ඉදිරි දින කීපය තුළ  ඊජිප්තුව හරහා  ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට  20 දෙනෙකු  තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටිති. මේ දක්වා ශ්‍රී ලංකාවට ගොස් ඇති පිරිස 5 කි.

7.  ඉරානය හා ඊශ්‍රායලය අතර  යෝජිත සාම ප්‍රයත්නය හේතුවෙන් ඊශ්‍රායලයේ කටයුතු සුපුරුදු පරිදි  කරගෙන යාමට  හැකියාව ලැබෙනු ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post