ආනයනික ලයිටර් නිසා ගිනි පෙට්ටි කර්මාන්තය හාන්සියි

ආනයනික ලයිටර් නිසා ගිනි පෙට්ටි කර්මාන්තය හාන්සියි

Published on June 24, 2025, 08:26 PM

ආනයනය කරනු ලබන ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් ලයිටර් වර්ගයක් නිසා දේශිය  ගිනිපෙට්ටි කර්මානය නැවත වරක් අනතුරට පත්ව ඇති බව එම කර්මාන්ත කරුවෝ  පෙන්වා දෙති.

ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ සංගමය පෙන්වා දෙන්නේ මෙලෙස ප්‍රමිතියෙන් තොර ලයිටර් අවිධිමත්ව රට තුලට ගෙන්නා අඩු මිළකට අලෙවි කිරීම නිසා දේශිය ගිනි පෙට්ටි අලෙවිය විශාල වශයෙන් පහළ ගොස් ඇති බවයි.

ශ්‍රී ලංකාවට මුලින්ම ගිනි කූරු නිෂ්පාදය හඳුන්වා දී ඇත්තේ 1917 තරම් ඈත කාලයේ වන අතර එය විධිමත් ක්‍රමයට ආර්මභ වී ඇත්තේ 1930 ගණනන්වල බව සදහන් වෙයි.

ආනයනය කරනු ලබන මෙම ප්ලාස්ටික් ලයිටරයක් මේ වන විට වෙළඳ පොළේ රුපියල්  30 ක් තරම් අඩු මිළකට අලෙවි වන බවත් ගිනි පෙට්ටියක මිළ රුපියල්  20 ක් වන බවත් ඔවුහු කියති. ලයිටර් ආනයනය කිරීමේදී කිසිදු ප්‍රමිතියක්  නියාමනයක් සිදු වන බව නොපෙනන බවද ඔවුහු පෙන්වා දෙති.

දේශිය කර්මානයක් වන ගිනි පෙට්ටි කර්මාන්තයෙන් සෘජු වශයෙන් 15.000 ක් පමණ රැකියාවේ නියුක්තව සිටින බවත් තවත් විශාල පිරිසක් වක්‍රව මෙම ක්ෂේත්‍රයේ විවිධ  රැකියාවල නියුක්තව සිටින  බවත් ඔවුහු පෙන්වා දෙති . ගිනි පෙට්ටි කර්මාන්තයට පහර වැදීම  මගින් මෙවන් විශාල පිරිසකගේ රැකියා අවදානමට ලක්වන බවත ඔවුහු පෙන්වා දෙති.

වසර 15 කට පමණ පෙර ලංකාවේ ගිනි පෙට්ටි කර්මාන්ත 15 ක් විතර තිබූ නමුත් එයින් කිහිපයක්ම මේ වන විටත් වැසී ගොස් ඇති බවද ඔවුහු පෙන්වා දෙති. මේ වන විට ගිනි පෙට්ටි කර්මාන්ත ශාලා වැඩි ප්‍රමාණයක් පවතින්නේ මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේයි.

ප්ලාස්ටික් ලයිටරයෙන් තම කර්මාන්තයත් දස දහස් ගණනකගේ රැකියා අවස්ථාවනුත් රැක ගන්නා ලෙස සංගමය රජයෙන් කිහිප වරක්ම ඉල්ලා ඇති බවත් උද්ඝෝෂණ සිදු කර ඇති බවත් කර්මාන්තරුවෝ ප්‍රකාශ කරති.

මෙහිදි ඔවුන් රජයෙන්  ඉල්ලා ඇත්තේ  මෙම ප්‍රමිතියෙන් තොර ලයිටර් ආනයනය කිරීම  කිසා දේශිය ගිනි පෙට්ටි කර්මාන්තයතට බරපතල තර්ජනයක් මතුව ඇති බැවින් දේශීය ගිනි පෙට්ටි කර්මාන්තයෙන් ජීවත් වන 15,000 කගේ ජීවනෝපාය රැක ගැනීමට ඉදිරිපත් වන ලෙසයි .

ඔවුන් තව දුරටත් ඉල්ලා සිටින්නේ මෙම ප්‍රමිතියෙන් තොර  ලයිටර් ගෙන්වීම තහනම් කළ හැකි නම් වඩා හොඳ බව  වුවත්  යම් හෙයකින්  ලයිටර් ආනයනය කළ යුුතුම නම්  එය විධිමත්ව රජයේ බදුවලට යටත්ව සහ ප්‍රමිති පරීක්ෂාවන්ට යටත්ව ආනයන කර ප්‍රමිතියෙන් යුත් භාණ්ඩයක් ලෙස වෙළඳ පොළට නිකුත් කරන ලෙසයි. ඒ වගේම  වෙළද පොළේ පවතින  මෙම ප්‍රමිතියෙන් තොර ලයිටර් සම්බන්ධයෙන් වහාම පාරිභෝගික අධිකාරිය ඉදිරිපත් වී විධිමත් පරික්ෂණයක් සිදු කළ යුතු බවත් මෙම කර්මාන්තයේ නියුක්ව වූවන් ඉල්ලා සිටිති.

මින් පෙරද මාධ්‍ය මගින් මේ සම්බන්ධයෙන් පෙන්වා දුන්නද මේ වන තුරුම පිළිගත හැකි විසඳුමක් ලැබී නැති බවත්  එම කර්මාන්තකරුවෝ පවසති.

මොහොමඩ් ආසික්

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post