දුම්රියේ වෘත්තීය සමිති කිහිපයක් අද වර්ජනයක

දුම්රියේ වෘත්තීය සමිති කිහිපයක් අද වර්ජනයක

Published on June 25, 2025, 07:24 AM

දුම්රිය මාර්ග හා සංඥා අංශයේ අධීක්ෂණ කළමනාකරුවන් ඇතුලු මාර්ග හා කර්මාන්ත තාක්ෂණ ශිල්පී සහයක සේවකයන් අද (25) පස්වරු 4.30 සිට අසනිප නිවාඩු දමා පැය 48ක සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය මාර්ග අංශයේ තාක්ෂණ ශිල්පී සේවක සංගමයේ‍ ලේකම් පී.ඩී.එච්. චතුරංග මහතා පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව තුල 10/2025 වැටුප්  චක්‍රලේඛනය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම, අනීතිකව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අහෝසි කිරිමට උත්සාහ දැරිම යන කරුණු වලට විරෝධය පලකරමින් මොවුන් මෙසේ අද (25) පස්වරු 4 .30 සිට 27 වනදින පෙරවරු 7.00 දක්වා අසනීප නිවාඩු දමා පැය 48ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බවත් හෙතෙම කීය.

මෙම වැඩවර්ජනය සදහා මාර්ග අංශයේ තාක්ෂණික කාර්‍ය මණ්ඩලය, මාර්ග පරික්ෂාවේ යෙදෙන සේවක පිරිස ,හරස් මාර්ග ගේට්ටුකරුවන් සහ ආවරණ කටයුතු සිදුකරන ගේට්ටු ක්‍රියාකරුවන් එක්වෙන බව පවසන දුම්රිය මාර්ග අංශයේ තාක්ෂණ ශිල්පී සේවක සංගමයේ ලේකම් පී.ඩී.එච් .චතුරංග මහතා මේ සදහා නිවැරදි තීරනයක් ලබා දීමට පාලනාධිකාරිය අපොහොසත් වුවහොත් ඉදිරියේදී දීර්ගකාලීන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර තිබෙන බවද සඳහන්ය.

ප්‍රසාද් රුක්මාල්

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post