මහනුවර වතු හා එල්ආර්සී ඉඩම් විගණනය කරයි

මහනුවර වතු හා එල්ආර්සී ඉඩම් විගණනය කරයි

Published on June 29, 2025, 08:16 AM

මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය වැවිලි සංස්ථාවට, ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට  අයත් ඉඩම් සම්බන්ධයෙන් විගණනයක් කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කළේය.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ ඉඩම් කෘෂිකර්ම පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම  සම්බන්ධීකරණ කමිටුව රැස්විය.

මහනුවර හන්තාන ප්‍රදේශයේ ජනවසම සහ  එල්ආර්සී ඉඩම් විශාල  ලෙස අන්සතු වී ඇති බවට දිස්ත්‍රික් සම්බණ්ධීකරණ කමිටුවට ඉදිරිපත් වූ  පැමිණිල්ලක් මත මෙම තීරණය කරනු ලැබ තිබේ.

මෙහිදී තීරණය කරනු ලැබුවේ මහනුවර දිස්ත්‍රික්කය තුල පිහිටි රාජ්‍ය වැවිලි සංස්ථාවට, ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ ඉඩම් ප්‍රතිසංස්කරණ  කොමිසමට අයත් ඉඩම් සම්බන්ධයෙන් විධිමත් විගණනයක් මාස තුනක් ඇතුලත සිදු කළ  යුතු බවයි.

මෙම විගණනය සුදුසු ආයතනයක් මගින් සිදු කළ  යතු බවත් එහි ප්‍රතිපල අනුව ඉඩම් නිරවුල්කර ගැනීම ඉදිරියේදී  සිදු කිරිමටත් තීරණය විය.

මොහොමඩ් ආශික්

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post