රු. කෝටි 103ක වැට් බදු ගෙවීම් පැහැර හැරීම් ගැන අර්ජුන් ඇලෝසියස්ට තවත් නඩුවක්

රු. කෝටි 103ක වැට් බදු ගෙවීම් පැහැර හැරීම් ගැන අර්ජුන් ඇලෝසියස්ට තවත් නඩුවක්

Published on June 30, 2025, 09:25 PM

රුපියල් කෝටි 355ක වැට් බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට වරදකරු වී  මාස හයක සිරදඬුවමක් නියම වු ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනාට එරෙහිව රුපියල් කෝටි 103ක වැට් බදු ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා තවත් බදු නඩුවක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවරීය.

2019 හා 2020 වර්ෂයන්ට අදාළව ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම රජයට ගෙවිය යුතු රුපියල් 1035473988.47 ක වැට් බදු මුදල් නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් පවරා ඇති මෙම නඩුව සළකා බැලු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අර්ජුන ඇලෝසියස් ඇතුළු වගඋත්තරකරුවන්ට ඔක්තෝබර් 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළාය.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් නමැත්තාට අමතරව මෙලෙස සිතාසි නිකුත් කරන ලද්දේ ඇන්ටනී රන්දෙව් සහ ජිනේන්ද්‍ර ජෝන් නමැත්තන්ටය.

2019 හා 2020 වර්ෂයන්ට අදාළව ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම රජයට ගෙවිය යුතු රුපියල් 1035473988.47 ක වැට් බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් අර්ජුන ඇලෝසියස් හා ඇන්ටනී රන්දෙව් රන්දෙව් ජිනේන්ද්‍ර ජෝන් යන අය වගඋත්තරකරුවන් කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් මෙම නඩුව පවරා ඇත.

එකතු කළ අගය මත බදු පනතේ ප්‍රතිපාදන මත දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් මෙම නඩුව පවරා ඇති අතර මීට ඉහතදී 2016 සහ 2019 අතර කාලය තුළ රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් පවරා තිබු නඩුවකට අදාළව සිරදඬුවම් නියම විණී”දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පැවරූ නඩුව සළකා බැලීමෙන් අනතුරුව නඩුව ඔක්තෝබර් 13 වැනිදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් වගඋත්තරකරුවන්ට සිතාසි නිකුත් කළාය”

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post