අනතුරට පත් ධීවර යාත්‍රාවේ ධීවරයින් 02 ක් බේරාගනියි, 02කුගේ සිරුරු හමුවෙයි

අනතුරට පත් ධීවර යාත්‍රාවේ  ධීවරයින් 02 ක් බේරාගනියි, 02කුගේ සිරුරු හමුවෙයි

Published on June 29, 2025, 06:59 AM

ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය තුල 2025 ජුනි මස 27 වැනි දින අනතුරට පත් ධීවර යාත්‍රාව සම්බන්ධව තොරතුරු ලද වහාම, නාවික හමුදාව ගුවන් හමුදාව හා එක්ව, එම මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි විශේෂ සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කෙරිණි.

ඒ අනුව, ගාල්ල සිට නාවික සැතපුම් 09 ක් පමණ (කිමි 16  ක් පමණ) දුරින් වු මුහුදු ප්‍රදේශයේ අනතුරට පත් යාත්‍රාවේ සිටි ධීවරයෙක්, තවත් ධීවර යාත්‍රාවකද සහයෝගය ඇතිව නාවික හමුදාව ඊයේ උදෑසන (2025 ජුනි 28) නිරුපද්‍රිතව බේරා ගෙන, වැඩිදුර ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙනවිත් ගාල්ල කරාපිටිය ශීක්‍ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කෙරිණි.

ෙතවද, ආපදාවට පත් ධීවර යාත්‍රාවේ සිටි අනෙක් ධීවරයින් සොයා නාවික හමුදා විශේෂ කණ්ඩායමක් විසින් එම මුහුදු ප්‍රදේශයේ සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කෙරිණි. එම මෙහෙයුම මගින් මුහුදේ පෙරලී ඇති යාත්‍රාව තුළ ධීවරයෙක් තවදුරටත් ජීවත්ව සිටින බවට අනාවරණය විය

. ඒ අනුව, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් යාත්‍රාව තුලට සම්පීඩනය කරන ලද සාමාන්‍ය වාතය සහිත වායු සිලින්ඩර් ආධාරයෙන් ධීවරයා වෙත ඔක්‍ෂිජන් ලබා දෙමින්, ඊට සමඟාමීව යාත්‍රාව මුහුදේ ගිලීම වළක්වාලීමට අවශ්‍ය තාක්‍ෂණික ක්‍රමවේද නියමිත පරිදි යොදමින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර, මහත් පරිශ්‍රමයකින් සිරවී සිටි එම ධීවරයා බේරා ගැනීමට කටයුතු කෙරිණි. අනතුරුව, එම ධීවරයා කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශීක්‍ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමට ඊයේ (2025 ජුනි 28) සන්ධ්‍යාවේ නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

එමෙන්ම, අනතුරට පත් එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් දෙදෙනෙකුගේ සිරුරු ෙඊයේ සන්ධ්‍යාවේ ගොඩබිමට රැගෙන ආ අතර, අනෙක් ධීවරයා සොයා, නාවික හමුදා කිමිදුම් හා ගලවාගැනීමේ කණ්ඩායමක් තවදුරටත් අඛණ්ඩව එම මුහුදු ප්‍රදේශයේ සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුමක් සිදුකරමින් සිටියි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post