දික්ඔය නගර සභා මාසික රැස්වීම

Published on April 27, 2026, 02:47 PM

හැටන් දික්ඔය නගර සභාවේ මාසික් සභා රැස්වීම එම සභාවේ සභාපති අසෝක කරුණාරත්න (ජාතික ජන බලවේගයේ) මහතාගේ ප්‍රධානත්වයෙන් (27) දින එම නගර සභාවේ රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.

රැස්වීම ආරම්භයෙදි සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී අලගමුත්තු නන්ද කුමාර් මහතා ඇතුලු විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාපතිවරයා හමුවේ කියා සිටියේ, ඉකුත් මස (24) දින පැවති මාසික සභා රැස්වීමෙදි ඉදිරිපත් කල මාසික සභා රැස්වීම් වාර්ථාව වැරදි බවත්, එම වාර්ථාව නිවැරදි කර සභිකයින් වෙත ලබා දෙන ලෙස ඉල්ලීමක් කලද එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට සභාපතිවරයා කටයුතු නොකිරිම හමුවේ තමන් එයට විරෝධය පා සභා රැස්වීමෙන් පිටව යන බවයි.

එහිදි සභාපතිවරයා කියා සිටියේ, සභා රැස්විමේ සාරාංශය පමණක් වාර්ථාවක් මගින් සභිකයින් වෙත ලබා දෙන බවත්, එය සභිකයින් පිලිගත යුතු බවයි.

එහිදි ඇති වු උණුසුම් තත්වය මත සභාව මදකට නතර කර සභාපතිවරයා විසින් කාර්ක සභා රැස්විමක් පවත්වා, එහිදි සභාපතිවරයා විපක්ෂයේ සභිකයින්ට කියා සිටියේ, විපක්ෂයේ පැරණි සභිකයින් පමණක් සභාවේ නිතරම කථා කරන බවත්, ඒ අනුව නවක සභිකයින්ට සභාව තුල අදහස් ප්‍රකාශ කිරිමට අවස්ථාව නොලැබෙන බවයි. (කාරක සභා රැස්වීම මාධ්‍යට විවෘත නොකරන ලදී).

එම කාරක සභා රැස්වීමේන් අනතුරුව හැටන් දික්ඔය නගර සභාවේ සභික සුප්පයියා කේසවමූර්ති (ස්වාධීන) මහතා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, පැරණි මන්ත්‍රීවරුන් පමණක් සභාවේ අදහස් ප්‍රකාශ කරන බවට සභාපතිවරයා කරන ප්‍රකාශයට විරෝධය පාමින් තමන් නිහඩව සිටිමට කටේ ප්ලාස්ටරයක් අලවා ගන්නා බවයි.

ඒ අනුව එම සභිකයා ප්ලාස්ටරයකින් කට වසා ගනිමින් සිටි අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී චුල්ල ජයන්ත ධර්මප්‍රිය මහතාද කිසිදු ප්‍රකාශයක් නොකර සබා රැස්වීමෙන් පිටව යාමත් සමග විපක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු සහ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයා ඇතුලු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පසුගිය සභා රැස්වීම අනුමත නොවු නිසා සභා රැස්වීමෙන් පිටව යන ලදී.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු සහ සභාපතිවරයා මාසික සභා රැස්වීම පවත්වාගෙන ගිය අතර, මෙහිදි සභාපතිවරයා කියා සිටියේ, සභිකයින් ඉල්ලන ආකාරයට මාසික සභා රැස්වීම ලබා දීමට නොහැකි බවයි.ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මාසික සභා රැස්වීම් වර්ජනය කිරිම් තුලින් හැටන් දික්ඔය නගර සභා ප්‍රදේශයේ සංවර්ධන කටයුතු අඩාල වන බවයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post