යාල වනජීවී කාර්යාලය පේන මානයේ තිබූ ගංජා හේන් 7ක් පොලීසියෙන් වටලයි

යාල වනජීවී කාර්යාලය පේන මානයේ තිබූ ගංජා හේන් 7ක් පොලීසියෙන් වටලයි

Published on April 28, 2026, 06:37 PM

තණමල්විල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන මෙහෙයුම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව  ඩ්‍රෝන යානා යොදාගනිමින් යාල රක්ෂිතයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී ගංජා හේන් හතක් හා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඊයේ (27) පොලිසිය සමත්ව තිබෙනවා.

වැටලීමේදී අක්කර 10කට වඩා වැඩි ගංජා හේන් 07ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වැටලීමේදි එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.තවත් සැකකරුවන් 05 දෙනෙකු පළාගොස් ඇති අතර සැකකරුවන් 05 දෙනා හදුනාගෙන තිබේ.

සැකකරුවන් එක්ව යාල රක්ෂිතයේ ස්ථාන 07ක මෙම ගංජා හේන් පවත්වාගෙන ගොස් තිබු අතර එහි තිබී ගංජා ගස් ලක්ෂ එකහමාරකට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් ගලවා ගිණි තබා විනාශ කර තිබෙනවා.

තණමල්විල මුලස්ථාන පොලිසියේ නිලධාරින් හා ගුවන් හමුදා නිළධාරීන් කණ්ඩායම යාල රක්ෂිතයට මෙම වැටලිම් වලට යාමට යාල රක්ෂිතයට ඇතුළු විමට ගිය අවස්ථාවේ යාල කලුපාලම වනජීවි කාර්යාලයේ නිළධාරීන් ඊට විරෝධය පා තිබෙනවා.ජනාධිපති වරයාගේ ඉවත්වෙනු වැඩසටහනට සමගාමිව මෙම නිළධාරින් විසින් සියළුම තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුවයි මෙම වැටලිමට ගොස් තිබුණි.එම අවස්ථාවේදී වනජීවී නිළධාරීන් පැය කිහිපයක් නිලධාරීන්ට යාලට ඇතුළු වීමට ඉඩ නොදී වලක්වා ඇති අතර පසුව පොලිස් නිළධාරින් විසින් උසස් නිළධාරීන් දැනුවත් කිරීමෙන් පසු වැටලිම සිදුකිරීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව පොලිස් නිළධාරීන් අදාල වැටලිම සිදුකර තිබුනේ යාල කලුපාලම වනජීවී කාර්යාලයට කිලෝ මිටරයක් ආසන්නයේදීය.වනජීවි කාර්යාලයට මිටර් 500ක් පමණ එපිටින් තිබූ  එක් ගංජා හේනක් ඒ වන විටත් සැකකරුවන් විසින් කපා ඉවත් කර තිබුණි.වැටලිමෙන් අත්අඩංගුවට පත් ගංජා හේන් ආසන්නයේම තිබීම පිටුපස මේ සදහා වනජීවි නිළධාරින්ගේ සහාය ලැබි ඇති බවටයි පොලිස් නිලධාරින් සැක පළ කරන්නේ.වැටලීමේදී ගංජා හේන්වල සිටි සැකකරුවන්ගෙන් පස් දෙනෙකු පළාගොස් තිබු අතර ඒ සදහා වනජීවී නිළධාරින් සහාය ලබා දී ඇති බවයි මුලික විමර්ශණ වලදි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මුලස්ථාන පොලිසිය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරිමට නියමිතය.

මොනරාගල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව,කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ , සහතාර පොලිසි මානියන්ගම යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තණමල්විල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී.බන්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් හා කළුතර ගුවන් හමුදා කදවුරේ අංක 111 යූ.ඒ් වි බළකායේ ඩ්‍රෝනා මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් එක්ව වැටලිම සිදුකර තිබේ.

සූරියවැව ණුවන් ජයසේකර

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post