2025 වර්ජන නිසා මිනිස් දින 12418ක් අහිමි වෙලා

2025 වර්ජන නිසා මිනිස් දින 12418ක් අහිමි වෙලා

Published on April 30, 2026, 12:20 PM

ඉකුත් වර්ෂයේ (2025) මුල්මාස නමය තුලදි මෙරට වැඩ  වර්ජන  13 පැවති අතර ඉන් මිනිස් දින 12,418ක් අහිමිවි ඇති බැව්  කම්කරු අමාත්‍යංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති ප්‍රගති වාර්තාවේ සදහන් වේ.

මෙකි වැඩවර්ජන සදහා  සේවකයින් 4,758 දෙනෙකු සහභාගිවි තිබුණි. ඒ අනුව වතු ක්ෂේත්‍රයේ  වැඩ වර්ජන 01ක්, ඉදිකිරිම්  අංශයේ වැඩවර්ජන 03ක් සහ නිෂ්පාදන අංශයේ වැඩවර්ජන  09ක්  මෙම කාලය තුල පවත්වා තිබුණි. මෙරට වලංගු මුළු වෘත්තිය සමිති සංඛ්‍යාව 2,125කි.

ඉකුත් වර්ෂයේ මුල් මාස නමය තුලදි කම්කරු දෙපාර්තමේන්තුවේ  ලියාපදිංචිකරණු ලැබු  වෘත්තිය සමිති සංඛ්‍යාව 80කි. එම කාලය තුලදි වෘත්තිය සමිති 96ක් අවලංගු කොට ඇති බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post