
Published on June 25, 2025, 08:29 AM
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය සැමරීම සහ වන්දනාමාන කටයුතු සඳහා සහභාගි වන විට ප්ලාස්ටික් භාවිතය අවම කර වගකීමෙන් යුතුව කසළ බැහැර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.
මෙවර රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහර හෙට (26දා) සිට එළඹෙන 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර පූජා භූමියට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයන් හි දී ගමන් මලු පරීක්ෂා කර පොලිතීන් මලු වෙනුවට පරිසර හිතකාමී ආදේශක මලු ලබා දීමට කටයුතු යොදා තිබේ.
මීට අමතරව ප්ලාස්ටික් බෝතල් එක්රැස් කිරීම සඳහා දැල් ආවරණ කසළ රඳවන ස්ථාපිත කර තිබීම, කසළ බැහැර කළ හැකි ස්ථාන සකසා තිබීම, ප්ලාස්ටික් මල් මාලා ඇතුළු ප්ලාස්ටික් ද්‍රව්‍ය ඇතුළත් පූජා වට්ටි දේවාලවලට භාර නොගන්නා ලෙස කපු මහතුන් දැනුම්වත් කර තීබීම සහ තහනම් ප්ලාස්ටික් වැටලීම සඳහා හදිසි වැටලීම් ක්‍රියාත්මක කිරීම ආදී වූ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නිවැරදිව කසළ බැහැර කිරීම සඳහා බැතිමතුන් යොමුකිරීමට කටයුතු යොදා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය.
කතරගම ඇසළ උත්සව සමයේ දී බැතිමතුන් ලක්ෂ 15කට ආසන්න පිරිසක් කතරගමට පැමිණෙන අතර 2024 වර්ෂයේ පෙරහර සමය අවසානයේ ඝන අපද්‍රව්‍ය ටොන්1,500ක පමණ ප්‍රමාණයක් ද, පෙට් ප්ලාස්ටික් බෝතල් ටොන් 4ක් පමණ ද, ප්ලාස්ටික් මල් මාලා කිලෝග්රෑම් 50ක් පමණ ද, එකතු කර ගෙන තිබෙන අතර එය පෙර වසරවලට සාපේක්ෂව කසළ අඩුවීමක් බව මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව එය මධ්‍යම පරිසර අධිකාරිය, මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කතරගම ප්‍රාදේශීය සභාව, කතරගම පෙරහර කමිටුව ඇතුළු රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පෞද්ගලික ආයතන ඒකාබද්ධව වසර ගණනාවක සිට ක්‍රියාත්මක වේ. වේ. කරන විවිධ වැඩසටහන් වල ප්‍රතිඵලයකි.
නිදර්ශනි වික්‍රමසිංහ/කතරගම – ආරියපාල රත්නායක/සෙල්ලකතරගම – අසිත වීරසිංහ/සන්දිම දේවප්‍රිය