සූකර උණ රෝගයේ වැඩිවීමක්

සූකර උණ රෝගයේ වැඩිවීමක්

Published on June 20, 2025, 03:47 PM

බලයලත් නිලධාරියෙකු විසින් නිකුත් කරන ලද සත්ත්ව සෞඛ්‍ය සහතිකයක් සහිතව රට පුරා ඌරන් ප්‍රවාහනය කිරීම, විකිණීම සහ ගබඩා කිරීම සිදුකළ යුතු බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

අප්‍රිකානු සූකර උණ සම්බන්ධයෙන් පසුගිය දා නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මගින් එම දෙපාර්තමේන්තුව පෙන්වාදී ඇත්තේ රෝග කාරක වෛරසය රට පුරා ව්‍යාප්ත වීම මුලුමනින්ම පාලනය කිරීමේ අරමුණින් මෙය සිදුකල බවයි.

ආසාදිත සතුන් මස් පිණිස ඝාතනය කිරීම, අවදානම් සතුන් සහිත සත්ත්ව වෙළඳපොළවල් පවත්වාගෙන යාම, බලයලත් නිලධාරියෙකුගේ අනුමැතියකින් තොරව ඝාතකාගාර, ගබඩා සහ මස් සැකසුම් මධ්‍යසථාන පවත්වාගෙන යාම මෙමගින් තහනම් වන බවට වැඩි දුරටත් සඳහන් වෙයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post