
Published on June 24, 2025, 03:49 PM
ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි. ඉරානයෙන් දියත් කරන ලද මිසයිල හඳුනාගෙන ඇති බව පවසන ඊශ්‍රායල හමුදාව ගුවන් ආරක්ෂක පද්ධති "තර්ජනයට බාධා කිරීම සඳහා ක්‍රියාත්මක වන" බවත්, නැවත දැනුම් දෙන තුරු නවාතැන් වලට ගොස් එහි රැඳී සිටින ලෙස ජනතාවට පවසන බවත් ඊශ්‍රායෙල හමුදාව පවසයි.
වාර්තා වූ මිසයිල දියත් කිරීම පිළිබඳ විස්තර තවමත් පැහැදිලි නොමැති බවත් ඉරානය ප්‍රහාරය තහවුරු කර නොමැති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මෙය සිදුවන්නේ ඊශ්‍රායලය සටන් විරාමයට එකඟ වූ බව පැවසීමෙන් පසුවය. ඉරාන විදේශ අමාත්‍යවරයා මීට පෙර පැවසුවේ ඊශ්‍රායලයද එසේ කළහොත් පමණක් තම ප්‍රහාර නතර කරන බවයි.