
Published on June 25, 2025, 02:47 PM
නාවලපිටිය නගර සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (25) දින උදෑසන 9:00ට නාවලපිටිය නගර සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.
එම මහ නගර සභාවේ නව සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 02 යටතේ සභාවට තේරිපත් වූ එම නගර සභාවේ හිටපු නගරාධිපති අමල් ප්‍රියංකර මහතා ඡන්ද 09ක් ලබා ගනිමින් තේරී පත් වු අතර, එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 01 යටතේ කරුපප්නන් සුරේෂ්වරන් මහතා ඡන්ද 09ක් ලබා ගනිමින් තේරි පත්විය.
ජාතික ජන බලවේගයෙන් තිලක් අමරිසිරි සිරිසේන මහතා සහ උප සභාපතිවරයා වශයෙන් හේවගේ ප්‍රසන්න යොජනා කල අතර, ඔවුන් දෙදෙනමෙ පැවති විවෘත ජන්දයෙන් ජන්ද 05 බැගින් ලබා ගත් අතර, එම සභාව නියෝජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරයෙකු ස්වාධීනව කටයුතු කරනු ලැබුවා.
නාවලපිටිය නගරසභාවට ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීධූර 5ක්, ස්වාධීන කණ්ඩායම් අංක 01 මන්ත්‍රිධුර 2ක්, සමගිජන බලවේගයෙන් මන්ත්‍රීධූර 2ක්, එක්සත් ජාතික සංධානයෙන් මන්ත්‍රිධූර 1ක් වශයෙන් එම නගර සභාව සභිකයින් 15 දෙනෙකු නියෝජනය කරනු ලබයි.
බහුතර බලයක් කිසිදු කණ්ඩායමකට හිමිනොවූ නිසා ස්වාධීන කණ්ඩායම් එක්වී නාවලපිටිය නගර සභාවේ සභාපතිධූරය සහ උප සභාපතිධූරය හිමි කරගනු ලැබූවා.