
Published on June 26, 2025, 05:12 PM
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර සීමිත පන්දුවාර තරගාවලියක් අගෝස්තු මස අවසානයේදී සිම්බාබ්වේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලය සඳහා එක්දින තරග දෙකක් හා විස්සයි 20 තරග තුනක් ඇතුළත් වෙයි. තරගාවලිය අගෝස්තු 29 සිට සැප්තැම්බර් 7 දක්වා හරාරේහිදී පැවැත්විමට නියමිතය.
ශ්‍රී ලංකාව අවසන් වරට 2023 දී සිම්බාබ්වේහිදී එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වූ නමුත් 2016 සිට සිම්බාබ්වේහිදී ද්විපාර්ශ්වික තරගාවලියකට ක්‍රීඩා කර නොමැත.