ජාතික බලශක්ති දිනය ජුනි 26 වුණේ ඇයි?

ජාතික බලශක්ති දිනය ජුනි 26 වුණේ ඇයි?

Published on June 26, 2025, 03:39 PM

ජාතික බලශක්ති දිනය අද (26) බණ්ඩාරවෙල විශාඛා බාලිකා මධ්‍ය මහ විද්‍යාලයේදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ දිනවල උමා ඔය නොවිසඳුනු ගැටළු විසඳීමේ කැබිනට් අනු කමිටුවේ සාමාජිකයෙකු ලෙස අමාත්‍ය කුමාර ජයකොඩි මහතා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිදු කරනු ලබල සංචාරයට සමගාමීව මෙවර බලශක්ති දින සැමරුම බණ්ඩාරවෙල විශාඛා බාලිකා මධ්‍ය මහ විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණු අතර, ඒ සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

SS Helios නමැති ජර්මානු නෞකාව කොළඹ වරායට පැමිණි අවස්ථාවේදී, විදුලි පහනකින් නිකුත් වූ ආලෝකය ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයින්ට දැක ගැනීමට හැකි වූ දිනය වන 1882 ජුනි මස 26 දිනය සැලකිල්ලට ගෙන, සෑම වසරකම ජුනි මස 26 දින “ජාතික බලශක්ති දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කරනු ලැබ ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post