
Published on June 25, 2025, 01:51 PM
ඌව පළාත් සභාව මඟින් 2025 වර්ෂයේ පළාතේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන එකොළොස් දහස් හයක් වෙන් කර ඇතැයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී (24) වෙනිදා පැවති මෙම රැස්වීමට ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ජේ.එම් කපිල ජයසේකර මහතා ඇතුළු මොනරාගල සහ බදුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමාත්‍යංශ ප්‍රධානීන් සහභාගී වූහ.
මෙහිදී අදහස් දැක්වූ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා,
2025 වසර සඳහා ඌව පළාත් සභාවේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන එකොළොස් දහස් හයක් ලැබී තිබෙනවා.එයින් ව්‍යාපෘති තුන්දහස් දහසයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.2024 වර්ෂයට වඩා රුපියල් මිලියන පන්දහස් එකසිය දහතුනක් වැඩියෙන් ලැබී තිබෙනවා.
මෙම මුදල පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ රුපියල් මිලියන 8118,උපමාන පාදක ප්‍රදාන 843,පුනරාවර්තන ප්‍රතිපාදන 2,045 වශයෙන් මිලියන 11,006ක මුදලක් වෙන්කර තිබෙන අතර පාසල් දිවා ආහාර වැඩ සටහනට මිලියන 2,550 මුදලක් වෙන්කර තිබෙනවා.
ඉදිරි මාස හය ඇතුලත සියලුම සංවර්ධන වැඩ ගුණාත්මක ප්‍රමිතියකින් නිමකිරිමට කටයුතු කළ යුතුයි බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වෙන පරිද සංවර්ධන වැඩසටහන් දියත් කෙරෙනවා.
මොනරාගල සුමනසිරි ගුණතිලක